
ඒ අනුව ප්‍රංශය, සමලිංග විවාහ නිතිගත කළ 9වැනි යුරෝපා රටවන අතර මේවනවිට ලොවපුරා සමලිංග විවාහ නිතිගත කර ඇති රටවල් සංඛ්‍යාව 14කි.
මේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් හිටපු ජනාධිපති නිකලස් සාකෝසිගේ පක්ෂය ඉදිරිපත් කර තිබු පෙත්සමක් ප්‍රංශ ව්‍යවස්ථා කවුන්සිලය ඊයේ ප්‍රතික්ෂේප කළේය.
මේ නිතිය සම්මතවීමෙන් පසුව පවත්වන පළමු සමලිංග විවාහය ලබන 28 වැනිදා පැවැත්විමට නියමිතය.
කෙසේ වෙතත් සමලිංග විවාහ නිතිගත කිරිමේ පනත් කෙටුම්පත ගෙනආ ප්‍රංශ ජනාධිපති ප්‍රංශූවා හෝලන්ඩ්ගේ නායකත්වයෙන් යුත් සමාජවාදි පක්ෂයට විවිධ පාර්ශවයන්ගෙන් දැඩි විවේචන එල්ල විය.
සමලිංගික විවාහ නිතිගත කළ 14 වැනි රට ප්‍රංශය වන අතර පසුගිය මාසයේ නවසිලන්තය ද සමලිංගික විවාහ නීතිගත කළේය.
Appa,Appa
ReplyDeleteane me kawadda oka lankawata enne,loke wedima samalingikain inne lankawene
ReplyDelete