Pages

2/1/13

නිරුවත් මිනිසා නැරඹීමට නිරුවත් වාදීන්ට තව දුරටත් ඉඩකඩ

වියානා හි ලියෝෆෝල්ඞ් තෞතුකාගාරය සිය ‘නිරුවත් මිනිසා’ ප‍්‍රදර්ශනය මාර්තු මස දක්වා දිර්ඝ කර ඇත්තේ හිතවත් කරඹන්නන්ට නිරුවත්ව පැමිණෙන ලෙස ආරාධනා කරමිනි. තෞතුකාගාර ප‍්‍රකාශකයෙක් සඳහන් කලේ ජර්මනියේ සංගමයක් විසින් නිරුවත් සංචාරයක් සඳහා කල ඉල්ලීමක් නිසා මහජනයා වෙනුවෙන් නිරුවත් ප‍්‍රදර්ශනයක් පැවැත්වීමට තීරණය කල බවයි.
‘‘ඔබ නිරුවත් වාදියෙක් නොවේ නම් ඇඳුම් ඇඳගෙන පැමිණිය හැකි වුවත් දර්ශනආස්වාද කරුවන්ට ඉඩ නොදෙනු පිණිස නිරුවත්ව පැමිණීම අගය කරමු’’ යයි ද ප‍්‍රකාශකයා කියා ඇත.

කලා ඉතිහාසයේ පුරුෂ නිරුවත් බවේ සෞන්දර්යය දැක්වෙන නිර්මාණ 300 ක් පමණ ඇති මේ ප‍්‍රදර්ශනය දිනකට නරඹන්නන් 2000ක් පමණ එන සාර්ථක එකක් බව වාර්තා වෙයි. වියානා තෞතුකාගාරය ඔස්ටි‍්‍රයාවේ ප‍්‍රධාන කලාකරු එගන් ෂීල් ගේ විශාලම එකතුවට හිමිකම් කියයි. තරුණ පිරිස් මෙම ප‍්‍රදර්ශන නැරඹීමට වැඩිපුර එන බවද වාර්තා වෙයි.

මෙහි ප‍්‍රදර්ශන අංග අතර ප‍්‍රංශයේ වර්ණ තුන දැක්වෙන නිල්, සුදු හා රතු පැහැති මේස් හා සොකර් සපත්තු වලින් පමණක් සැරසුනු මිනිසුන් තිදෙනෙක් දැක්වෙන ‘වයිව් ලා ෆ‍්‍රාන්ස්’ වැඩිපුරම කතාබහට ලක් විය.ආගමික නායකයන් හා වැසියන් ගේ පැමිණිලි නිසා නගරයේ මේ නිර්මාණය දක්වා තිබූ පෝස්ටර් වල රහස් තැන් ආවරණය කරනු ලැබුණි.

මෙම ප‍්‍රතිචාරය 21 වන සියවසේ නිදහස් චින්තනයේ කොටසක් නොවේ යයි ප‍්‍රකාශකයා රොයිටර් වෙත කියා තිබේ.

No comments:

Post a Comment