.jpg)
ලොව ධනවත්ම පුද්ගලයා වීමේ භාග්‍යය මයික්‍රොසොෆ්ට් සමාගමේ සමනිර්මාතෘ බිල් ගේට්ස් හට යළිත් උදා වී තිබේ.
බ්ලූම්බර්ග් වෙබ් අඩවියට අනුව, මයික්‍රොසොෆ්ට් සමාගමේ කොටස් ඉහළ යාමත් සමග ලොව ධනවත්ම පුද්ගලයා ලෙස මීට කලින් නම් දරා සිටි මෙක්සිකානු ටෙලිකොම් සමාගම් අයිතිකරු කාලෝස් ස්ලිම් අභිබවා යාමට බිල් ගේට්ස් සමත්ව ඇත.
මේ වසරේදී මයික්‍රොසොෆ්ට් සමාගමේ කොටස් වල වටිනාකම 27% කට වඩා ඉහළගොස් තිබේ. එහි බිල් ගේට්ස් හට හිමි කොටස් ප්‍රමාණය මිලියන 436කි. ඊයේ (17) නිව්යෝර්ක් හි ප.ව. 4.00 වන විට ඔහුගේ ධනය ඇමෙරිකානු ඩොලර් බිලියන 72.7ක් ලෙස සටහන් වූ බව බ්ලූම්බර්ග් බිලියනියර් ලැයිස්තුවේ දැක්වේ.
කෙසේ වෙතත්, පසුගිය කාලය පුරාවටම ලොව ධනවත්ම පුද්ගලයන් අතර සිටි බිල් ගේට්ස් පුණ්‍යාධාර කටයුතු වලට විශාල ධනස්කන්ධ යොදවන්නෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලයි.



පුදුමයි අපෙ රටේ කෙනෙක් ලෝකෙ පලවෙනි ධනවතා නොවුන එක..
ReplyDeleteඅපෙ රටේ කෙනෙක් ada heta ehema wei
Deletewww.forbes.com/billionaires/list/ oy boru kiyanna epa bnz
ReplyDelete