ඉරානය විසින් දේශීයව නිපදවන ලද හොග් මිසයිල පද්ධතියක් ඉරාන හමුදාව හා ඉස්ලාමිය විප්ලවීය ආරක්ෂක සෙබළුන් එක්ව කරන Modafe’ an-E aseman-e Velayt 4 යුධ අභ්‍යාසයේදී දෙවන වරටත් පරික්ෂණ දියත් කිරිමක් සදහා සූදානම් වේ. දින 7ක පුහුණු මෙහෙයුමක් වන මෙය සදුදා
ඉරානයේ දකුණු කොරාසාන්හිදි ආරම්භ විය. මෙම දැවැන්ත යුධ අභ්‍යාසයේ ප්‍රකාශක බි්රගේඩියර් ජෙනරාල් ශාරොක් ශාරාම් පැවසුවේ ඉරාන හමුදාවන් අගහරුවාදා සාර්ථකව ව්‍යාජ සතුරු ගුවක් යානයක් අනාවරණය කරගෙන හදුනාගෙන විනාශ කිරීමට සමත් වූ බවයි.
අභ්‍යාසයේ දෙවන දිනයෙදී අනෙකුත් අඩු උස සහ මධ්‍ය දුර මිසයිල වල හැකියාවන් ඇගයීම කාල තුවක්කු පිලිබද තක්සේරු කිරීම ලේසර් ඉලක්ක කරනයන් සහිත OERLICON මිලි මීටර් 35 කාල තුවක්කු අත්හදා බැලීම ආදියද සිදු කිරීමට නියමිතය. Ya ZahRA 3, Safat, Qader නම් දේශීය මිසයිල ද මෙහිදි අනාවරණය කරන බවද අණදෙන නිලධාරි ෆර්සාඞ් ඉස්මයිලි කියා සිටියේය.
ඊශ්‍රායලය හා ඇමරිකාවේ තර්ජන මැද පසුගිය මාස කිහිපයේ ප්‍රධාන යුධ අභ්‍යාස කීපයක්ම ඉරානය පැවැත්වීය. ඉරානය පුන පුනා කියන්නේ එ්වායේ අරමුණ අන් රටවලට තර්ජනයක් වීම නොව තම ආරක්ෂාව තහවුරු කර ගැනීම බවයි.

කොන්ද පන තියෙන කෙලින් මිනිහෙක්.......
ReplyDelete