Pages

11/15/12

කොරොල්ලා, ප‍්‍රියස් ලක්‍ෂ ගණනක් ආපසු කැඳවයි

ටොයොටා සුපිරි වගකීමක්… කොරොල්ලා, ප‍්‍රියස් ලක්‍ෂ ගණනක් ආපසු කැඳවයි

ටොයෝටා සමාගම ලොව පුරා ඇති මිලියන 2.7 ක මෝටර් රථ සංඛ්‍යාවක් සුක්කානම හා ජල පද්ධතියේ ඇති ප‍්‍රශ්නයක් නිසා ප‍්‍රත්‍යාපනයනය කිරිමට සූදානම් වෙයි.
ටොයෝටා කොරොල්ලා සහ දෙවන පරම්පරාවේ ප‍්‍රියස් රථ ඇතුලත් මාදිලි 9ත් මෙසේ ගෙන්වීමට නියමිතය. කෙරොල්ලා සහ කැම්රි මොඩල ඇතුලත් මෝටර් රථ මිලියන 7 ක් වැරදි කවුළු ස්විච නිසා නැවත ගෙන්වා ගැනීමෙන් සති 4 කට පසුව මෙය සිදුවී තිබේ.

ටොයෝටා ප‍්‍රකාශක ජොයිෂි ටෂිකාවා  පැවසූවේ සුක්කානමේ ඇතිවූ ප‍්‍රශ්නය එහි සම්බන්ධක කඳේ දැඩි බව මදි වීම නිසා ඇති වූවක් බවයි.

සෙමින් පැදවිමේදී තදින් සුක්කානම හරවන විට GEAR BOX සහ EXTENION SHAFT සම්බන්ධ කරන දාරය ඇද විය හැකි බව ඔහු කියයි. මෙතක් දුරට මේහේතුව නිසා සිදුවූ අනතුරු කිසිවක් වාර්තා වී නැතැයි ද ඔහු කියා සිටියේය.

No comments:

Post a Comment