ප්රංශය විසින් සිරියානු විපක්ෂ සන්ධානය සිරියානු ජනතාවගේ එකම නියෝජිතයා වශයෙන් පිළිගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සිරියානු විපක්ෂ සන්ධානය එසේ පිළිගනු ලැබූ ප්‍රථම යුරෝපා රට ප්‍රංශය වන අතර ඇමරිකාව මෙන්ම බ්‍රිතාන්‍යයද සිරියානු විපක්ෂ
සන්ධානය මෙතෙක් නිල වශයෙන් පිළිගෙන නැතත් ඔවුන් එම සන්ධානය පිළිගන්නා බවට ඉඟි පලකොට ඇත.
එහෙත් ඇමරිකාව හා බ්‍රිතාන්‍ය විසින් සිරියාවේ එකම නියෝජිතයා වශයෙන් විපක්ෂ සන්ධානය පිළිගනු නොමැති බවට පැවසෙන අතර අරාබි ලීගය, ගල්ෆ් සහයෝගීතා සන්ධානය මෙන්ම ඩුබායි, තුර්කිය, සෞදි අරාබිය හා කටාරයද සිරියානු විපක්ෂ සන්ධානය සහාය පලකොට ඇත

No comments:
Post a Comment