සිරියානු ජනාධිපති බශාර් අල් හසාද්ගේ පාලනයට 2011 මාර්තු සිට මාස 20ක් පුරාවට පැවැත්වෙන සිරියානු කැරැල්ලෙන් මේ වනවිට පුද්ගලයන් 39,000 කට වැඩි පිරිසක් මරණයට පත්වී ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ.
මානව හිමිකම් සඳහා වන සිරියානු නිරීක්ෂණ ආයතනය නම් රාජ්‍ය නොවන සංවිධානයක් පවසන පරිදි එයින් බහුතරය සිවිල් වැසියන් බව ඇසෝසියේටඞ් ප්‍රෙස් පුවත් සේවය වාර්තා කරයි.
වසර 2011 මාර්තු 15 දා ඇරඹි කැරැුල්ල හා ප‍්‍රචණ්ඩකාරී කි‍්‍රයා වලින් මියගිය පුද්ගලයන් අතර සිරියානු ජනාධිපතිවරයාට එරෙහිව අවිගත් ජනයා ඇතුළු සිවිල් වැසියන් 27,410 ක්, සොල්දාදුවන් 9,800ක් සහ හමුදාවෙන් පැන ගිය සෙබළුන් 1,359 ක් ද සිටින බව එහි සඳහන් වේ.

No comments:
Post a Comment