Pages

4/17/13

අමෙරිකානු ගුවන් සේවයේ කටයුතු අඩාලවේ

පරිගණක පද්ධතියේ ඇතිවු දෝෂයක් හේතුවෙන් අමෙරිකානු ගුවන් සේවයේ කටයුතු පැය කිහිපයකට අඩාවී තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ අමෙරිකානු ගුවන් සේවයට අයත් යානා 900ක් පමණ පියාසර කිරීම ඒ හේතුවෙන් ප‍්‍රමාද වු බවයි.
පැය 03ක පමණ කාලයක් එම යානා ගුවන් තොටුපල තුල නතර කර තැබු බවද අදාල වාර්තාවල දැක්වෙනවා. අමෙරිකානු ගුවන් සේවා අධිකාරිය පැවසුවේ ප‍්‍රමාදය හේතුවෙන් ගුවන් ගමන් අහිමි වු සියලූ මගීන්ට නොමිලේ නව ගුවන් වාර සඳහා ප‍්‍රවේශපත් නිකුත් කිරීමට කටයුතු කළ බවයි.

මේ අතර දකුණු කොරියාව සමග ඒකාබද්ධ යුධ අභ්‍යාසයකට එක්වු අමෙරිකානු මැරින් හෙලිකොප්ටරයක් උතුරු කොරියානු දේශසීමාවේදී කඩාවැටි තිබෙනවා. කෙසේවෙතත් එහි ගමන් ගත් මැරීන් භටයින් 21 දෙනෙකු දිවි ගලවා ගෙන ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. ඔවුන්ගෙන් 16 දෙනෙකු දකුණු කොරියානු රෝහලකින් ප‍්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර තවත් 05 දෙනෙකු රෝහල් ගතව ප‍්‍රතිකාර ලබන බවයි එම වාර්තාවල දැක්වෙන්නේ. අනතුරට හේතුව සොයා මේ වන විට පරික්‍ෂණ ආරම්භ කර තිබෙනවා.

No comments:

Post a Comment