
චීනයේ ගිනිකොන දිග ග්‍රාමීය දිස්ත්රික්කයක හට ගත් ප්‍රභල භූමි කම්පාවකින් සිය ගණනක් මිය ගොස් තවත් දහස් ගණනක් තුවාල ලබති.
ටිබෙටන් සානුවේ කඳු පාමුල පිහිටි ගම්මානයක් මුළුමනින්ම විනාශවී ගොස් ඇති අතර අවට ප්‍රදේශවල ගෙවල් කඩා වැටී ගොස් තිබෙන බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය.
බරපතල ලෙස හානි සිදුවී ඇත්තේ Chengdu පළාතේ බටහිර ප්‍රදේශයටයි.
පොලීසියේ සහ යුද හමුදාවේ හය දහසක් එම පලාතට පිටත් කර හැර තිබේ.
සහන සේවකයන් විසින් දිවි ගලවා ගත් පුද්ගලයන් සුන් බුන් අතරින් බේරා ගන්නා ආකාරය රාජ්‍ය රූපවාහිනිය මගින් ප්‍රදර්ශණය කෙරිණ.
පලාතට කඩිනමින් පැමිණි අගමැති Li Keqiang, තමන් යටතේ සහන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම ආරම්භ කොට තිබේ.

No comments:
Post a Comment