
ක්‍රිස්ටොපර්ගේ වාරය එළඹුණු පසු ඔහු දත් ගලවා ගැනිම සදහා ඇතුළු විය. පැයකට පසු කටින් ලේ පෙරෙමින් හැඩූ කදුලින් එළියට එන ක්‍රිස්ටොපර් ගැන කියනුයේ ඔහුට පසු වාරය ලබාගෙන සිටි ශේනා කොර්තේස්ය.
‘මම ගොඩක් බය වුණා. මේ තරුණයාගේ කටේ එක දතක් වත් තිබුනේ නැහැ. මමත් දත් ගෑලවීම පසෙක දාලා ගෙදර ගියා.‘
ක්‍රිස්ටොපර්ගෙ කටෙ දත් සියල්ලම ගැලවූ වෛද්‍ය මධ්‍යස්ථානය ගැන තවතවත් තොරතුරු අනාවරණය කරන්න ෆොක්ස් නිවුස් ආයතනය ඉදිරිපත් වුණා. මෙම ආයතනට ඇවිත් දත් ගලවාගත් කිහිප දෙනෙකුටම මෙවැනිම අනතුරු සිදුවෙලා තිබෙන බව ෆොක්ස් නිවුස් ආයතනය කියයි. රිදුම් දෙන උඩු ඈන්දේ දතක් ගලවා ගැනිමට ගිය රෝස් හිල්ට සිදුවී ඇත්තේද යටි ඇන්දේ දත් තුනක් නැතිව ගෙදර ඒමටය.
No comments:
Post a Comment