Pages

4/15/13

ජිවිත 108ක් සමග මුහුදට වැටුණු ගුවන් යානය...

ඉන්දුනීසියාවේදී ඊයේ බාලි දූපතේ ඩෙන්සාර් ගුවන් තොටුපළට ගොඩබෑමට නියමිතව පැවති ලයන් එයාර් ජෙට් ගුවන් යානාවක් කිසියම් කාර්මික දෝෂයක් නිසා එහි ගොඩබෑමට බැරිව ගිය නමුත් නියමුවන් අවසානයේ උත්සාහය අත්හැරි විට එය මුහුදට කඩාපාත්වූයේ ගොඩබාන්නට සූදානම් කළ වේගයෙනි.
මගීන් 101 සහ කාර්ය මණ්ඩලය 7 දෙනෙකු සහිත ගුවන් යානය පියාසර කරමින් තිබියදී ඇති වූ කාර්මික දෝෂයක් නිසා ඉන්දුනීසියාවේ බාලි දූපත අසල මුහුදට සිදු කළ මේ අනපේක්ෂිත ගොඩ බෑමෙන් කිසිම ජීවිත හානියක් සිදුනොවීම විස්මිත සිද්ධියකි.
ඉන්දුනීසියාවේ ඩෙන්සාර් ගුවන් තොටුපළට මීටර් 50ක් පමණ ඈතින් මේ අන්තරාව සිදු වුණා. පොලීසිය හා ගුවන් හමුදාව ඩිංගු බෝට්ටු මගින් මුහුදේ පාවෙමින් සිටි මගීන් බේරා ගනු ලැබුවා.  ජීවිත හානි සිදු නොවුණත් මේ හදිසි ගොඩබෑම නිසා මගීන් 22ක් රෝහල් ගත කරනු ලැබූවා.

එම ගුවන් අනතුරේ වීඩියෝව පහතින් නරබන්න...





No comments:

Post a Comment