
ඉතිහාසයේ වියදම් වැඩිම ප‍්‍රහාරක ගුවන් යානය වන F35 වත්‍ාපෘතියේ වියදම් අධිකවීම සහ පෙන්ටගනය සමඟ හොඳ සබඳතාවක් ගොඩ නගා ගැනීමට නොහැකිවීම පිලිබඳව ඇමරිකාවේ ලූතිනන් ජෙනරාල් ක‍්‍රිස්ටෝපර් බොග්ඩන් ලොකිඞ් මාර්ටින් සහ ප‍්‍රැට් ඇන්ඞ් විට්නි ආරක්ෂක සමාගම් දෙකට දොස් පවරා ඇත.
ඕස්ටේ‍්‍රලියා සංචාරයක් අතරතුරදී බොග්ඩන් වාර්තා කරුවන්ට කියා ඇත්තේ තමා ආයතන දෙකෙන් මීට වඩා බොහෝ දේවල් බලාපොරොත්තු වන බවයි. පෙන්ටගනයේ පැරණි ප‍්‍රහාරක යානා වෙනුවට F-35 යානා 2443 ක කණ්ඩායමක් ඉදිරි වසර 40 දී සෑදීමට ඔවුන් බලාපොරොත්තු වෙයි.
මෙහි නිෂ්පාදන වියදම ඩොලර් බිලියන 382 ක්ද වසර 4 තුල ක‍්‍රියාත්මක වීමේ වියදම ඩොලර් ටි‍්‍රලියන 1 ක්ද වනු ඇත. ඕස්ටේ‍්‍රලියාවට ජෙටි යානා 100 ක් විකිණීමේ උත්සාහයක යෙදෙන ව්‍යාපෘති ප‍්‍රධානී ලූතිනන් ජනරාල් ටෙරී රොබ්ලින් රොයිටර් වෙත කියා සිටියේ මෙහි වියදම දැරිය නොහැකි බවයි.
ලොකීඞ් මාර්ටින් F35 ව්‍යාපාතියේ ප‍්‍රධාන ආරක්ෂක ගිවිසුම්කරු වන අතර ප‍්‍රැට් ඇන්ඞ් විට්නි එකම ත්35 එන්ජින් සැපයුම්කරු වෙයි. මේ නිසා ඔවුන් ගාස්තු විශාල ලෙස ඉහල දමා තිබේ.
බොග්ඩන් ත්35 ව්‍යාපෘතියේ ප‍්‍රධානියා ලෙස පත්වන විට ලොකීඞ්මාර්ටින් සහ ඇමරිකානු හමුදාව අතර සම්බන්ධතාව ඉතා නරක බව ඔහු කියා සිටියේය. ඉදිරි වසර 10 තුල හමුදා වියදම් ඩොලර් බිලියන 500 කින් පමණ කපා දැමීමට නියමිත නිසා ත්35 ව්‍යාපෘතිය කවදාටත් වඩා අධික වියදමක් වනු ඇත.
බි‍්‍රතාන්‍යය, කැනඩාව, ඉතාලිය, තුර්කිය, නෙදර්ලන්තය, හා නෝර්වේ දැනට මේ ව්‍යපෘතියට ගෙවීම් කර ඇති අතර ඕස්ටේ‍්‍රලියාව ඉවත් වුවහොත් අන් අයගේ වියදම් ඉහල යනු ඇත.
No comments:
Post a Comment