Pages

3/6/13

ලොවම හඬවමින් හියුගෝ චාවේස් අවසන් ගමන් යයි

දකුණු අමරිකානු කලාපයේ මෙන්ම ලෝක සමාජවාදී ව්‍යාපාරයේ ප්‍රබලයෙකු වූ වෙනිසියුලානු ජනාධිපති හියුගෝ චාවේස් මහතා ඊයේ දිනයේ අභාවප්‍රාප්තවී තිඛෙන බව වෙනිසියුලානු රජය නිල වශයෙන් නිවේදනය කර තිබේ. අඟහරුවාදා දින එරට වේලාවෙන් 4.25 ට පමණ ඔහු මිය ගිය බව එරට උප ජනාධිපති නිකොලා මදුරෝ මහතා විසින් නිවේදනය කර ඇත.
දීර්ඝ කාලයක් පිළිකාවකින් පීඩාවිඳි චාවේස් මහතා කියුබාවේදී ශල්‍යකර්ම කිහිපයකට ද ලක්වුණු අතර මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 58 කි.

කියුබාවේ හවානා නුවරදී පිළිකා සැත්කමකට භාජනය වී මාස දෙකකට ආසන්න කාලයක් අසාධ්‍ය තත්ත්වයක පසු වූ චාවේස් පසුගිය 18දා යළි සිය රට පැමිණියේය. කියුබාවේ සිට විශේෂ ගුවන් යානයකින් පැමිණි චාවේස් වෙනිසියුලාවේ හමුදා රෝහලකට ඇතුළත් කර තිබිනි.

චාවේස් ප‍්‍රතිකාර ගනිමින් සිටින කාලයේ වෙනිසියුලාවේ පාලන කටයුතු පැවැරී තිබුණේ උප ජනපතිවරයාටයි.

ගිය වසරේ අග භාගයේ ඉතා සංකීර්ණ පිළිකා සැත්කමකට භාජන වූ චාවේස් සැත්කමින් පසු චාවේස් පෙනහළු ආසාදනයකට ද ලක් වී ස්වසන අපහසුතාවකින් පෙළුණේය.  එම අවස්ථාවේදී ඔහුව ස්වසන යන්ත‍්‍රයකට සම්බන්ධ කෙරුණු අතර ඔහු ආහාර මෙන්ම හුස්ම ගගත්තේද බටයක ආධාරයෙනි.

සැත්කමට භාජන වූ අවස්ථාවේදී වෙනිසියුලානු විපක්ෂ දේශපාලන කණ්ඩායම් කියා සිටියේ සැත්කමින් පසු චාවේස් මියගිය බවය. වෙනිසියුලානු රජය එය වසං කළ බවටද චෝදනා එල්ල විය.

No comments:

Post a Comment