.jpg)
ඉන්දියාවේ බලවත්සේ විරෝධය පළ වූ ස්ත්‍රී අපයෝජන ගණනාවක අලුත්ම සිද්ධිය මෙය වේ.
වාර්තාවන ආකාරයට එම තරුණිය සමග ඉකුත් සඳුදා රාත්‍රී ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි දෙදෙනකු විසින් ඇය අපයෝජනය කොට ඇත. අනතුරුව තරුණිය රියෙන් ඇද දමා ඇති බවට ද වාර්තා වේ.
ඉකුත් දෙසැම්බර් මාසයේදී දිල්ලි නුවරදී තරුණ සිසුවියක සමූහ අපයෝජනයට ලක්වී මිය යාමත් සමග රට පුරා විරෝධතා හට ගත් අතර ඉන්දියාවේ කාන්තාවන්ට සලකන ආකාරය පිළිබඳව විශාල විවාදයක් පැන නැගුනි.
කාන්තාවන්ට එල්ලවන ලිංගික හිරිහැර මර්දනය කිරීම පිණිස ගත යුතු දැඩි නීතිමය ක්‍රියා මාර්ග ගැන දැන් ඉන්දීය රජය සාකච්ඡා කරමින් සිටී.
No comments:
Post a Comment