Pages

3/11/13

ඉන්දීය සිසුවිය සමූහ දූෂකයා සිරගෙදරදී ගෙල වැලලාගෙන

පසුගියදා ඉන්දියාව කැළඹීමට පත් කළ බස් රථයක් තුළ සරසවි සිසුවියක් සමූහ දූෂණයට ලක්කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අද (11) උදෑසන මින් ටික වේලාවකට පෙර ඉන්දීය සිරමැදිරියක් තුළදී සියදිවි නසාගෙන තිඛෙනවා.
සිය පෙම්වතා සමග චිත්‍රපටයක් නරඹා නැවත නිවසට යමින් සිටියදී බස් රථයේ සිරකරගෙන ඇයව සමූහ දූෂණයට ලක්කිරීම හා හිංසනය සිදුකිරීම නිසා සිරුරේ ඉන්ද්‍රීයයන්ට හානිවී ඇය සති දෙකකට පසු සිංගප්පූරු රෝහලකදී මිය ගියා. මේ කම්පිත සිද්ධිය නිසා ඉන්දියාවේ මේ ආකාරයේ අපරාධ සම්බන්ධයෙන් දැඩි නීති ක්‍රියාත්මක කරන ලෙස උද්ඝෝෂණ පවා පැවැත්වුණා.

බස් රථයේ දූෂකයින් සයදෙනා අතරින් එයට මුල්වූ බව කියන 35 හැවිරිදි රාම් සිං නමැති තරුණයා තිහාර්හි සිරමැදිරියේ රඳවා සිටියදී සිය කමිසය උපකාර කරගෙන ගෙල සිරකරගෙන අද උදෑසන දිවි තොර කරගෙන තිඛෙනවා.

ඔහු සහ පස් දෙනෙකු මේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන අතර නඩු විභාගය තවමත් අවසන්වී නැත. නඩුවේ අවසාන තීන්දුව අනුව ඔවුනට මරණ ද~ුවම ලැඛෙන්නට නියමිත බව වැඩි විශ්වාසයක් තිඛෙන බැවින් එයට පෙර මොහු මේ ආකාරයට දිවිනසාගන්නට ඇතැයි සැලකෙනවා. ඉන්දීය බලධාරීන් උදෑසන ප්‍රකාශ කළේ මොහු දිවිනසාගත්තා කියා නඩුවට කිසිම වෙනසක් නොවන බව එම විභාගය ඉදිරියේදී නියමිත ආකාරයටම පවත්ව වරදකරුවන් සියල්ලන්ට නිසි ද~ුවම් ලබාදෙන බවයි.


No comments:

Post a Comment