Pages

2/6/13

Google ජාතිවාදීයි

ගූගල් හි සෙවීම් ත‍්‍රමවේදය වර්ණභේදවාදී බවක් නිරාවරණය කරතැයි නවතම පර්යේෂණයකින් හෙලිවී ඇත. කලූ ජාතික උච්ඡරණයක් ඇති පුද්ගලික නම් සෙවීමේදී අපරාධ වාර්තා පිලිබඳ ඇති දැන්වීම් ඉස්මතුවන සම්භාවිතාව වැඩි බව ඉන් කියවෙයි.
හාවඞ් විශ්වවිද්‍යාලයේ රජය හා තාක්ෂණය පිලිබඳ මහාචාරිනී ලැටන්යා ස්වීනි සොයාගෙන ඇත්තේ කලූ ජාතික උච්ඡරණයක් ඇති නම් 25% ක වැඩි ප‍්‍රතිශතයක් අත්අඩංගුවට පත්වූවන්ගේ දැන්වීම් ඉස්මතු කරන බවයි.

මේ කලූ හා සුදු නම් මොනවාදැයි යෝජනා කරන නම් 2000ක පමණ ලැයිස්තුවක් ඇය එකතු තර ඇත. ලකීෂා, ඩිඇන්ඩ්‍රේ, ජර්මේන්, ලෙරොයි සහ ඩැමෙල් වැනි නම් කලූ ඒවා ලෙසද ඇලිසන්, ක‍්‍රිස්ටීන්, ග්‍රෙග් හෝ ජැක් වැනි නම් සුදු ඒවා ලෙසද ඇය වාර්තා කර ඇත.

ගූගල් හි ඉන්ස්ටන්ට් චෙක්මේට් දැන්වීම් වලින් 92% ක කලූ ජාතික නම් සෙවූ විට සිරභාරයට ගැනීම පිලිබඳ දැන්වීම් ඉස්මතු වූ අතර 8% ක් සාමාන්‍ය දැන්වීම් ඉස්මතු විය. තමන්ගේ නම සොයා බැලූ ස්වීනිට ද ලවන්යා ස්වීනි අත්අඩංගුවට ගෙන ඇතැයි යෝජනා කරන දැන්වීමක් හමුවිය.

එම සම්බන්ධතාවය පසුපස ගොස් නම පිලිබඳ අපරාධ චෝදනාවක් නැතැයි දැන ගැනිමට ගාස්තුවක්ද ගෙවීමට ඇයට සිදු විය. මේ පිලිබඳ නිගමනයකට එලඹීමට නොහැකි වී ඇත්තේ ගූගල් හි දැන්වීම් නිර්මණ අංශයේ අභ්‍යන්තර ක‍්‍රියාකාරීත්වය නොදන්නා බැවිනි.

මෙම ඉස්මතු වීම සමාජයේ ඇති පොදු අදහසක් නිසා සිදුවන්නටද හැකිය. බොහෝ දෙනා සොයා බැලූ දේවල් ඔස්සේ මෙම දැන්වීම් තෝරා ගැනෙනු විය හැකිය. ගූගල් දැන්වීම් අංශය තම මෘදුකාංගයට ජාතිවාදී ලක්ෂණ කිසිවක් ඇතුලත් කර නැතැයි මීට ප‍්‍රතිචාර දක්වා ඇත.

No comments:

Post a Comment