නිදහස් ඉන්දියාවේ පියා ලෙස හැදින්වෙන අවිහිංසාවාදයෙන් ඉන්දියාවට නිදහස අත්කර දුන් මහත්මා ගාන්ධි සමලිංගික ආශ්‍රයක් පැවැත්වූවාදැයි සැකයක් මතුවන බව එතුමාගේ පෞද්ගලික ලිපි පරීක්ෂා කල පිරිසක් පවසයි.
දකුණු අප්‍රිකානු කායවර්ධන පුද්ගලයෙකුත් මහත්මා ගාන්ධිත් අතර හුවමාරු වූ ලිපි කිහිපයක් තුල තිබෙන්නාවූ ආමන්ත්‍රනයන් වැනි දෑ පදනම් කොටගෙන මෙම කරුණ ඉදිරිපත් වී ඇත.
දකුණු අප්‍රිකානු ජාතික කායවර්ධන ක්‍රීඩකයෙකු වූ හර්මන් කලෙන්බෑශ් (Hermann Kallenbach) හා මහත්මා ගාන්ධි අතර ශාරීරික සම්බන්ධතා පවා තිබෙන්නට ඇතැයි මොවුන් මත පළ කරති.
මහත්මා ගාන්ධි ඝාතනය කොට 65 වසරක් සම්පූරණ වීම නිමිත්තෙන් ඊයේ දිනයේදී මෙම ලිපි ප්‍රදර්ශණය කොට ඇත. ඇතැම් ලිපි වල “My dear Lower House” යනුවෙන් කලෙන්බැශ් ආමන්ත්‍රනය කොට ඇති අතර ඒවායේ අවසානයේ “Sinly yours, Upper House” යනුවෙන් සදහන් කොට ඇත. කෙසේ වෙතත් මේ පිළිබඳව පැහැදිලි සාක්ෂි තවමත් ලැබී නොමැත.
හර්මන් කලෙන්බැශ්ට අයිතිව තිබූ ඡායාරූප හා ලිපි කිහිපයක් ලන්ඩනයේ වෙන්දේසි වීමට නියමිතව තිබියදී ගිය වසරේ ඉන්දියානු රජය විසින් මිලදී ගනු ලැබීය.
ඉන්දියානු රාජ්‍ය ලේඛනාගාරයේ ප්‍රධානී මුෂිරුල් හසන් මහතා පවසා සිටින්නේ මේ සියල්ල මුල් පිටපත් වන අතර ගාන්ධි හා කලෙන්බැශ් අතර සිදුවූ ලිපි හුවමාරුවට මෙය නිදසුනක් පමණක් වන බවත් මීට වඩා වැදගත් දේ සදහා ඒවා යොදා ගත යුතු බවත් මෙවැනි මතභේදකාරී දේද ඒ අතර අන්තර්ගත විය හැකි බවත්ය.
ගාන්ධි 1883දී ඉන්දියාවේ විවාහ ගිවිස ගන්නා විට ඔහුට වයස 13ක් වූ අතර කස්ටර්බා නම් ඔහුගේ බිරිඳට වයස 14ක් පමණක් විය. ඉන් අනතුරුව ඔහු 1893දී දකුණු අප්‍රිකාව බලා පිටත්වන්නේ නීතීඥ වෘත්තියේ පුහුණු වීමටයි.
කලෙන්බැශ් යනු ජර්මනියේ උපත ලැබූ යුදෙව්වෙකු වන අතර ඔහු ගෘහ නිර්මාණ ශිල්පියෙකු ලෙස කටයුතු කල අතර ගාන්ධි සමග වසර දෙකක් දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නුවර එකට වාසය කොට ඇත.
රාජ් බාලා ජෙයින් නම් ජාතික ලේඛනාගාරයේ සේවිකාවක කියා සිටින්නේ කලෙන්බැශ්ගේ ලිපි අධ්‍යනය කලවුන් මෙවැනි වැරදි වැටහීමකට එලැබීම ගැන ඇය පුදුමයට පත් වන බවයි. එමෙන්ම අදාල ලිපි තුලදී කිසිදු ආකාරයක ලිංගික හැගීම් දනවන දෑ නොතිබූ බව ඇය පවසයි.
කෙසේ වෙතත් ලෝක ඉතිහාසය තුල වීරයෙකු ලෙස සැලකෙන මිනිසෙකුගේ ගෞරවය පිළිබඳ සිතා මෙවැනි දෑ පිළිබඳ මත ප්‍රකාශ කිරීමට ප්‍රථම හොදින් සොයා බලා කටයුතු කිරීම ඉතා වැදගත්ය.
- තරිඳු අබේසිංහ

No comments:
Post a Comment