Pages

2/6/13

බින් ලාඩන් මැරූ තැන විනෝද උයනක්


2011 දී ඔසාමා බින් ලාඩන් ඝාතනය කල අබොටාබාද් හි මිලියන 30 ක ව්‍යාපෘතියක් මගින් පාකිස්තාන රජය ප‍්‍රදේශය සංවර්ධනය කිරීමට යයි. වසර 8කින් මෙහි අළුත්ම විනෝද උයනක්ද ඉදිවනු ඇත. සම්පූර්ණ වූ පසු අක්කර 50ක ගංගාව අයිනේ පිහිටි මෙම විනෝද උයනෙහි ආපනශාලා, සංස්කෘතික මධ්‍යස්ථානයක්, කෘතීම දියඇලි,

සතුන් වත්තක් සහ රේල් පාරවල් ඉදි වීමට නියමිතය. ඉස්ලාමාබාද් ගුවන් තොටුපලේ සිට කිලෝමීටර් 120ක් දුරින් පිහිටි අබොටාබාද් හි රජය හා පුද්ගලික අංශයේ එකතුවෙන් මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වෙයි. ඝාතන ආක‍්‍රමණය පිලිබඳ එතරම් සාක්ෂි දැන් පෙනෙන්නට නැතත් පෙර පිරිදි මිනිසුන් මේ ප‍්‍රදේශයට ආකර්ෂණය නොවේ.

බින්ලාඩන් ගේ මරණය හා නගරය සංවර්ධනය කිරීම අතර සම්බන්ධයක් නැතැයි පාකිස්තාන නිලධාරීහු කියති. මෙය දිස්ත‍්‍රික්කය පුරා සිදුවන විනෝද හා සංචාරක පහසුකම් දියුණු කිරීමේ වැඩ සටහනේ කොටසක් බව ක‍්‍රීඩා හා සංචාරක ඇමති සයිඞ් අකිල් ෂා උපුටා දක්වමින් AFP වාර්තා කරයි.

කාන්පූර් හරිපූර්හි ජල ක‍්‍රීඩා, නාරන් කාගන් හි පරිසර සංචාර, අබොටාබාද් හි විනෝද උයන යන ප‍්‍රධාන සංචාරක ව්‍යාපෘති තුනෙන් පලමුවැන්න ලෙස මෙය ආරම්භ කර ඇතැයි පාකිස්තානයේ ‘ඩෝව්න්’ පුවත්පත වාර්තා කරයි. මේවායේ ආදායමින් කොටසක් ප‍්‍රදේශයේ සංවර්ධනයට යොදා ගැනෙන අතර රැකියා සැපයීමේදී ප‍්‍රදේශවාසීන්ට මුල් තැන දෙන බවද එහි දැක්වේ.

පාකිස්තානයේ ඇතැම් ප‍්‍රදේශවල අස්ථාවර බව වර්ධනය වෙද්දී මේ ප‍්‍රදේශය බින් ලාඩන් ගෙන් පසු ප‍්‍රහාර හා ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන් ගෙන් තොරව නිහඬව තිබුණි. සති අන්ත නිවාඩු සඳහා ධනවත් පාකිස්තානුවන් විවේක ගැනීමට තෝරා ගන්නේ මෙම ප‍්‍රදේශයයි.


No comments:

Post a Comment