
වරක් උපජනාධිපති ජෝ බයිඩන් විසින් අධිතාක්ෂණික ත‍්‍රස්තවාදියෙකු ලෙස නම් කල මේ මිනිසාට සැප්තැම්බර් 14 පැවැත්වීමට නියමිත
ඡන්දය ඒ සඳහා මඟ පාදනු ඇත. ඔස්ටේ‍්‍රලියානු ඉහල මන්ත‍්‍රීමණ්ඩලයට පත්වූ පසු ඇමරිකානු නීති දෙපාර්තමේන්තුව අන්තර්ජාතික තානාපති ගැටුමක් ඇති කර ගැනීමට අකමැතිව තමා පසුපස ඒම නවත්වනු ඇතැයි ඔහු කියා ඇත. වික්ටෝරියා ප‍්‍රාන්ත අපේක්ෂකයෙක් ලෙස අසාන්ජ් ජනවාරියේ අයදුම්පත් ඉදිරිපත් කලේය.
අගෝස්තු 22 වන දා අයදුම්පත් කැඳවීම අවසන් වන අතර වසර 6ක් සඳහා නව සෙනෙට් මණ්ඩලය පත්වන්නේ 2014 ජූලි මස පලමුවනදාය. වසර තුනකින් ඕස්ටේ‍්‍රුලියාවෙන් පිටවී වසර 6 ක් තුල ආපසු පැමිණීමට බලාපොරොත්තු වන විදේශගත අයට ඡුන්දය සඳහා ඉදිරිපත් විය හැකිය.
අසාන්ජ් කියන පරිදි ඔහු 2010 ජුනි මස ඕස්ටේ‍්‍රලියාවට පැමිණ තිබේ. තම අපේක්ෂකත්වයට ඇති නීතිමය බාධක ගැන අසාන්ජ්ට පැහැදිලි අවබෝධයක් නැති බවක්ද පෙනෙයි. ඕස්ටේ‍්‍රුලියාවේ ව්‍යවස්ථාවේ 44 වන වගන්තිය අනුව සිය රටට ද්‍රෝහී වූවෙක් ලෙස සැලකීමට හෝ සෙනෙට් මණ්ඩලය විසින් ඔහු ඉවත් කිරීමටද හැකියාවක් ඇත. ඉක්වදෝරියානු ජනපති රෆායෙල් කොරයා ගේ යලි පත් වීමත් අසාන්ජ් ට මහත් පිටුවහලක් වී ඇත.
ජාතික මණ්ඩල සාමාජිකයන් දස දෙනෙකුගෙන් යුත් විකිලීක්ස් දේශශපාලන පක්ෂය පිහිටුවීමටත් එය ඕස්ටේ‍්‍රුලියාවේ ලියාපදිංචි කිරීමට අවශ්‍ය සාමාජිකයන් 500ක් සොයා ගැනීම අපහසු නොවන බවටත් අසාන්ජ් බලාපොරොත්තුවෙන් සිටියි.
No comments:
Post a Comment