
රුසියානු විද්‍යා ඇකඩමියේ අභ්‍යවකාශ විද්‍යා ආයතනය සහ මධ්‍යම ඉංජිනේරු පර්යේෂණ ආයතනය වැඩ සටහනක් සැලසුම් කර ඇති අතර එය දැනටමත් ජාතික අභ්‍යවකාශ ආයතනය වන රොස්කොස්මොස් විසින් අනුමත කර තිබේ.
මේ සඳහා අභ්‍යවකාශයේ හා පොලව මත පිහිටවූ රොබෝ දුරේක්ෂ මගින් පෘථිවියට ආසන්න අභ්‍යවකාශ වස්තු නිරීක්ෂණය කෙරේ ඉන් පසුව හානිකර වස්තූන් සොයාගෙන ඒවා ප‍්‍රබල න්‍යෂ්ඨීක රොකට්ටු මගින් විනාශ කිරීම හෝ ගමන් මග වෙනස් කිරීම සිදුවෙයි
වැඩසටහන සඳහා වන ඩොලර් බිලියන 1.9 ක අයවැය වාර්තාව නියෝජ්‍ය අගමැති දිමිත‍්‍රි රොගොසින් විසින් අගමැති දිමිත‍්‍රි මෙද්වෙදේව් ට අනුමැතිය සඳහා ඉදිරිපත් තෙරෙනු ඇත. මේ වැඩසටහනේදී පවතින දුරේක්ෂ පරිගණක ගතකර නවීකරණය කිරීමත් අළුතෙන් වඩා ප‍්‍රබල දුරේකෂ ඉදිකිරීමත් අවශ්‍ය වෙයි. වසරකට දහසකටත් වඩා පෘථිවියට ආසන්න ඇස්ටරොයිඩ සොයා ගන්නා බව අභ්‍යවකාශ විද්‍යා ආයතනයේ ලිඩියා රික්ලෝවා කියා සිටියාය.
වසර තුනකට පෙර සොයාගෙන තිබූ 7000 ක සංඛ්‍යාව අද වන විට 9400 ක් වී ඇත. මසකට පෙරවක් පෘථිවිය හා ගැටීමට එන ඇස්ටරොයිඩයක් හඳුනා ගතහොත් එහි ප‍්‍රමාණය නිර්ණය කිරීමටත් ගත හැකි ක‍්‍රියාමාර්ග සලකා බැලීමටත් කල් ඇත. ඉවත් කිරීම වසර ගණනක් ගතවන කාර්යයක් නිසා පහසුම දේ න්‍යෂ්ඨීක රොකට්ටුවක් පාවිච්චි කිරීම බව රික්ලෝවා ප‍්‍රකාශ කලාය.
No comments:
Post a Comment