Pages

2/20/13

ලොව පලමු නිරුවත් මුහුදු පිහිණුම අති සාර්ථකයි

ලොව පලමු නිරුවත් මුහුදු පිහිණුම වූ සිඞ්නි ස්කිනි වෙත සහභාගි වූ දහස් ගණනක පිරිසක් පුණ්‍ය කටයුත්තක් සඳහා ඩොලර් 15000 ක් උපයා දීමට සමත් වූහ. ඉරිදා උදෑසන 8 ට මීටර් 900 ක් දුර මේ පිහිනුම ආරම්භ වුනේ සිඞ්නි වරායේදීය.
එහි සංවිධායක නයිජල් මාර්ෂ් කියා සිටියේ මෙය නිරුවත්වාදීන් සඳහා නොවන බවත් අළුත් දෙයක් කිරීමට කැමති අය වෙනුවෙන් බවත්ය. 89 හැවිරිදා මහල්ලෙත්, දෙපා පණ නැති අයෙක්, ආබාධිතයෙක් ඇතුළු කෙට්ටු මහත බාල මහලු අය මෙහි සිටි බව මාර්ෂ් උපුටා දක්වමින් සිඞ්නි මෝනිං හෙරල්ඞ් වාර්තා කලේය.

වසර 10 කට පෙර මාර්ෂ් සංවිධානය කල බොන්ඩි ටු බ්‍රොන්ටේ මුහුදු පිහිණුම නිසා තම ජිවිතය වෙනස් වූ බවත් ඊට සමානවූ වෙනසක් සහිත දෙයක් කිරීමට තමා සිහින දුටු බවද ඔහු කියා ඇත. එය ඉතා කදිම දෙයක් බව කියන මාර්ෂ් වාර්ෂික අත්සවයක් ලෙස මෙය සංවිධානය කිරීමට සැලසුම් කරයි. මෙයින් ලැබුණු ඩොලර් 15000 ක ආධාර ජාතික  උද්‍යාන හා වනජිවී පදනමට ලබා දෙයි.

No comments:

Post a Comment