Pages

2/20/13

චීනය පාකිස්තාන වරායක් මිලට ගනී

ඉන්දියාව කෝප ගන්වමින් චීනය පාකිස්තාන වරායක් මිලට ගනී

උපාය මාර්ගික වශයෙන් වැදගත් ස්ථානයක් වන අරාබි මුහුදේ පිහිටා ඇති පාකිස්ථානය සතු ග්වාදාර් නම් නාවික සේවා සපයන වරාය චීන සමාගමකට විකිණීමට පාකිස්ථානු රජය තීරණයකොට ඇත.
එය චීන රජය සතු සමාගමක් විසින් මිලදීගැනීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍යය වාර්තා සඳහන් කරයි. අදාල ගණුදෙනුවත් සමගම පාකිස්ථානු චීන සබඳතා වර්ධනය වනු ඇති බව පාකිස්ථාන ජනාධිපති අසීෆ් අල් සර්දාරි පවසා ඇත.

කෙසේ වෙතත් මෙම වරාය චීනය සතුවීම සම්බන්ධයෙන් ඉන්දියාව එතරම් ප්‍රසාදයක් නොමැති බවටද සඳහන්ය.

No comments:

Post a Comment