Pages

2/19/13

ඉන්දුනීසියානු කත මරණ දඬුවමින් බේරා ගනී

සෞදියේ දරුවෙකු ඝාතනය කළ ඉන්දුනීසියානු කත මරණ දඬුවමින් බේරා ගනී

සෞදි අරාබි සිවුමස් හැවිරිදි බිළිදෙකු මරා දැමීමේ චෝදනාවකට ලක්ව මරණීය දණ්ඩනය නියම වී සිටි ඉන්දුනීසියානු කාන්තාවක් බේරාගැනීමට ඉන්දුනීසියානු රජය සමත් වී ඇත.
2010 වසරේ ජූනි මාසයේ දී 41 හැවිරිදි ඉන්දුනීසියානු ගෘහ සේවිකාවක වන නුර්කෝයා බින්ට් මාර්සාන් දසන් නුරියා නම් වූ කාන්තාව විසින් එවකට සිවුමස් හැවිරිදි බිළිදෙකු වූ මිශාර් අල් බුෂාල්ගේ කිරි සඳහා මියන්ට ලබාදෙන වස, එක්කිරීමෙන් ඔහු ව මරණයට පත් කළ බවට චෝදනා එල්ල විය. මේ හේතුවෙන් අධිකරණය විසින් ඇයට මරණීය දණ්ඩනය නියම කොට තිබුණි.

නමුත් ළදරුවාගේ මරණ පරීක්ෂණය මඟින් ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා අනුව ඔහුගේ මරණය ජාන විකෘතියකින් සිදු වූ බවට තොරතුරු අනාවරණය වී තිබුණි. මෙම කරුණ හරහා ෂරියා නීතිය පිළිබඳ නීති විශේෂඥයන් විසින් ඉන්දුනීසියාවේ ස්ථාපිත කොට ඇති ‘විදේශීය සේවකයන් ආරක්ෂා කරගැනීමේ විශේෂ බලකාය’ හරහා මරණීය දණ්ඩනය නියම කොට තිබූ නූර්යා බේරාගැනීම සඳහා කටයුතු කෙරුණි.

මෙම සිදුවීම වාර්තාකොට තිබූ ‘ඩිජිටල් ජර්නල්’ වෙබ් අඩවිය සඳහන් කොට තිබුණේ සෞදි අරාබියානු රජය විසින් හිස ගස දැමූ ශ‍්‍රී ලාංකික ගෘහසේවිකා රිසානා නෆික් බේරාගැනීම සඳහා ශී‍්‍ර ලංකාවේ බලයලත් ආයතන විසින් අවශ්‍ය තරම් ක‍්‍රියාමාර්ග නො ගත් බවයි. මේ අතර පාකිස්ථානු ජාතිකයෙකු මරාදැමීමේ සිද්ධියකට වරදකරුවන් සිටි බවට පත්ව ඉන්දියානු ජාතිකයන් 17 දෙනෙකු බේරාගැනීමට ඉන්දියානු ව්‍යාපාරිකයෙකු වන එස්. ටී. සීං ඔබ්රෝයි පසුගිය දා කටයුතු කොට තිබුණි. ඒ, පකිස්ථානු ජාතිකයා වෙනුවෙන් එම පවුලට ගෙවීමට නියමිතව තිබූ ඩොලර් මිලියනයක ලේ වන්දිය ගෙවීමෙනි.

No comments:

Post a Comment