Pages

2/15/13

කාමුක ගුවන් සේවා දැන්වීමකින් තායි රජය කිපේ (පින්තූර)

තායිලන්ත අඩු වියදම් ගුවන් සේවයක් වන නොක් එයාර් ගුවන් සේවිකාවන් බිකිනි වලින් සැරසී සිටින අයුරු පෙන්වන ප‍්‍රචාරක ව්‍යාපාරයක් නිසා තායි රජය කෝප වී ඇත. රටේ ප‍්‍රතිරූපය පළුදු කිරීම
සහ ලිංගික සංචාරක ව්‍යාපාරය ඉස්මතු කිරීම ගැන නිලධාරීහු චෝදනා කරති.

අන්තර්ජාලය හරහා දියත් කල මේ ව්‍යාපාරයට සහභාගි වන අයට කාමුක ගුවන් සේවිකා පින්තූර ඇතුලත් කැලැන්ඩර ලබා දෙන බවට පොරොන්දු වී ඇත. නිරාවරණය වන ඇඳුමින් සැරසුනු මැක්සිම් සඟරාවේ නිරූපණ ශිල්පිනියන් නොක් එයාර් ගුවන් සේවිකාවන් ලෙස මගී යානයක් අසල ඡුායාරූප ගත කර සිටිති.

මෙම ව්‍යාපාරය දියත් කර තිබුණේ ගුවන් සේවයේ ෆේස්බුක් පිටුව හරහාය. තායිලන්ත ප‍්‍රතිරූපයට හානි කරන නිසා මෙය තහනම් කල යුතුයයි දේශීය නිලධාරියෙක් සංස්කෘතික අමාත්‍යාංශය හා එක්ව පැමිණිල්ලක් ගොණු කර ඇත.

එම නිලධාරියා ලිංගික සේවා ගැන රටේ ඇති අපකීර්තිය මේ මගින් ඉලක්ක කර ඇති බව බැංකොක් පෝස්ට් වෙත කියා සිටියි. මේ ඡයාරූප නිසා ගුවන් සේවිකාවන්ට අපචාර ක‍්‍රියා සිදු කිරීමට මගීන් පෙලඹෙනු ඇතැයිද එහි සඳහන් වෙයි. කෙසේ නමුත් මේ ව්‍යාපාරය

නීතිමය සීමාවන් තුල ඇති නිසා එයට විරුද්ධ ක‍්‍රියාමාර්ග ගැනීම අපහසුය. දැනට සිටින ගණුදෙනු කරුවන් ඉලක්ක කරගෙන මෙය සිදු කල  බව කියන ගුවන් සමාගම, දැන්වීම් ව්‍යාපාරය ආරක්ෂා කිරීමට උත්සාහ ගනිති.

ගණුදෙනු කරුවන්ට සිහිවටනයක් සැපයීම තම අරමුණ බවත් මේ දක්වා මෙයට යහපත් ප‍්‍රතිචාර ලැබී ඇති බවත් ගුවන් සේවා ආයතනයේ ප‍්‍රධාන විධායක පැටී සරසින් කියා සිටියේය.


No comments:

Post a Comment