Pages

2/7/13

ඉරාන ජනපතිට කයිරෝවේ දී සපත්තු ප්‍රහාරයක්

තෙදින නිල සංචාරයක් සදහා ඊජිප්තුවට පැමිණ සිටින ඉරාන ජනපති අහමදිනෙජාඩ්ට කයිරෝවේ අල් හුසේන් මුස්ලිම් පල්ලිය ඉදිරිපිටදී පුද්ගලයෙකු පහර දීමට තැත් කල බව තුර්කියේ ඇනටෝලියා පුවත් ආයතනය වාර්තා කරයි.
ඊජිප්තුව දිගු කලක් පාලනය කල හොස්නි මුබාරක් බලයෙන් පහකර ඉස්ලාම්වාදී රජය බලයට පත්වූ පසු දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින් ඉස්ලාමීය එක්සත් සංගමයේ සමුළුවකට සහභාගි වීම පිණිස ජනපති අහමදිනෙජාඩ්ට කයිරෝවට පැමිණ ඇත.

ජනපතිවරයා පල්ලියෙන් එලියට එනවිටම  එකවරම ජනතා අතර සිටි පුද්ගලයෙක් “බියගුල්ලා” යනුවෙන් කෑ ගසමින් සිය සපත්තුවෙන් ඉරාන ජනාධිපති වරයාට දමා ගසා ඇති නමුත් ඔහුට නොවැදී ආක්ෂකයෙකු ට වැදුනු බව ඇනටෝලියා හි වීඩියෝවකින් දක්වා ඇත.

පහර දීමට තැත්කල පුද්ගලයා සිරියානු ජාතිකයෙකු වන අතර  ඔහු අල්ලා ගැනීමට ඊජිප්තු ආරක්ෂක අංශ සමත් වී ඇති බව වාර්තා වේ.

ඉතිහාසයේ සිට ඊජිප්තුව සහ ඉරානය සිරියානු අර්බුදය ගැන මත දෙකක් දරන රටවල් දෙකකි.

No comments:

Post a Comment