Pages

2/6/13

සෙල්ලම් බඩු වැනි ඔත්තු යානා ඇෆ්ගනිස්තානයේ

ඇෆ්ගනිස්තානයේ සිටින බි‍්‍රතාන්‍ය හමුදාව තලේබාන් ප‍්‍රහාරක මධ්‍යස්ථාන හඳුනා ගැනීමට සෙන්ටිමීටර් 10 ක් දිග ග‍්‍රෑම් 16ක් බර ඔත්තුබලන හෙලිකොප්ටර් යොදා ගනිති. බි‍්‍රතාන්‍ය ආරක්ෂක
අමාත්‍යාංශය ඩොලර් මිලියන 31 ක වඩා වටිනා මෙම ඩ්‍රෝන් යානා 160 ක් මිලදී ගැනීමට යයි. ‘බ්ලැක් හොනට්’ ලෙස හැඳින්වෙන PD 100 PRS නම් දුරස්ථපාලක යානය නෝර්වීජියාවේ ප්‍රොක්ස් ඩයිනමික්ස් නම් සමාගමේ නිෂ්පාදනයකි.

සෙල්ලම් යානයක් තරමට කුඩාකල සම්ප‍්‍රදායික හෙලිකොප්ටරයක් වන මෙය සතුරු ස්ථාන නිරීක්ෂණයට යොදා ගනී. මේ යානා වල කුඩා කැමරාවක් සහ GPS රිසීවරයක්  ඇති අතර ස්වයංකී‍්‍රය පාලකය,

වේග මාන හා පීඩනමාන මගින් නොට් 10ක් තරම් දැඩි සුලඟක පවා ස්ථාවරව ධාවනය විය හැක. අවධානය ලබා නොගෙන කඳවුරු වලට රිංගීමේ හැකියාව ඇති මේවා අසුවුවොත් විනාශ වූ ලෙස සැලකීමට තරම් මිලෙන් අඩුය. වැඩසටයනක් අනුව හෝ අතින් පාලනය කිරීමෙන් ගමන් කරන මේවා වීඩියෝ හෝ ඡයාරූප කිලෝ මීටරයක් දුරට යැවීමට සමත්ය. මිනිත්තු 30 ක පියාසැරියක් සඳහා බැටරි බලය ප‍්‍රමාණවත් වෙයි.

ප්‍රොක්ස් ඩයිනමික්ස් මෙම යානා නිපදවීම ඇරඹූවේ 2008 දීය. මුලදී මේවා යොදා ගැනීමට අදහස් කලේ ස්වභාවික හෝ මිනිසා විසින් සිදුකල විනාශයන් සිදුවූ ප‍්‍රදේශ ගවේෂණය කිරීම, ගලවා ගැනීමට මග පෙන්වීම ආදී සිවිල් කටයුතු සඳහාය. බ්ලැක් හොනට් හි වෙලඳපොලට නිකුත් තල හැකි අකාරයක් පලමුව ප‍්‍රදර්ශනය කෙරුණේ 2012 ලන්ඩන් ත‍්‍රස්ත විරෝධී ප‍්‍රදර්ශනයේදීය.

පසුගිය නොවැම්බරයේ මේ යානා සැපයීමට ප්‍රොක්ස් ඩයිනමික්ස් ආයතනයට නැවත අළුත් කල හැකි මිලියන 4ක කොන්ත‍්‍රාතුවක් ලබා දෙන බව බි‍්‍රතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කලේය.


No comments:

Post a Comment