Pages

2/12/13

පාප් වහන්සේ තනතුර හැරයාමට තීරණය කරයි

16වැනි බෙනඩික්ට් ශුද්ධෝත්තම පියතුමන් ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි

16වැනි බෙනඩික්ට් ශුද්ධෝත්තම පියතුමන් මේ මස අගදී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වතිකාන වාර්තා උපුටා දක්වන බීබීසී සේවය වාර්තා කළේය.
58හැවිරිදි ශුද්ධොත්තම පියතුමන් එම ධූරයට පත්වූයේ 2005 වසරේ අප්‍රේල් මාසයේදීය.

සිය වයෝවෘද්ධභාවය හේතුවෙන් ධූරයේ තවදුරටත් කටයුතු කිරිමට තමන්ට ශක්තියක් නොමැති බව උන්වහන්සේ පවසා ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

මෙසේ ඉල්ලා අස්වීම කෙතරම් බරපතල තත්ත්වයක්දැයි තමන්වහන්සේ දැනුවත් බව ද ශුද්ධෝත්තම පියතුමන් සදහන් කොට ඇති බව රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් සදහන් කර තිබේ.

No comments:

Post a Comment