
ලොව විශාලතම ලවණ ජලයේ වෙසෙන කිඹුලාගේ අවමංගල උත්සවය පවත්වා අවශේෂයන් කෞතුකාගාරයේ තැන්පත් කිරීමට පිලිපීනය සුදානම් වෙයි. ටොන් එකක් බව වයස වසර 50 ක් පමණ වන මේ කිඹුලා බුනාවන් නගරයේ පරිසර සංචාරක උද්‍යානයේ පොකුණක ඉදිමුණු උදරයක් සහිතව පාවෙමින් සිට පැය කිහිපයකට පසු මිය ගිය බව ඊයේ ප‍්‍රකාශ විය.
මේ විශාල උරගයා නිසා මෙම උද්‍යානයට සංචාරකයෝ බොහෝ ඇදී ආ බව නගරාධිපති එඞ්වින් කොක්ස් එලෝර්ඞ් කියා සිටියේය. අගුසාන් ඩෙල් සර් පලාතේ සියළු දෙනාම මේ ගැන දුක්වන බව ඔහු කියයි. මීටර් 6.17 ක් දිග මේ සත්වයා පසුගිය වසරේ ලොව විශාලතම ලවණ ජල වාසී කිඹුලා ලෙස ගිනස් පොතට ඇතුලත් විය.
කිඹුලා ඇල්ලීමට යන අතරතුර හෘදයාබාධයකින් මියගිය රජයේ පරිසර නිලධාරියෙකුගේ නමින් කිඹුලාට ලොලොන්ග් ලෙස නම් තබා තිබුණි. බුනාවන් වැසියන් ඌට ආදරය වීමට පෙර මේ කිඹුලා ජීවිත ගණනක්ම බිල්ලට ගෙන තිබුණි. මේ සත්වයා කලින් ජීවත් වූ අගුසාන් වගුරු බිම පුළුල් ජෛව වීධත්වයක් ඇති ප‍්‍රදේශයකි. විවිධ ශාක වර්ග මෙන්ම වඳවීගෙන යන සතුන්ගේද එය වාසභූමිය වෙයි.
වනජීවී විශේෂඥයන් මරණයට හේතුව සොයා ගැනීම සඳහා මරණ පරීක්ෂණයක් සිදු කිරීමට යන බව එලෝර්ඞ් කියා සිටියේය. බුනාවන් වාසීන් මරණය වෙනුවෙන් ගෝත‍්‍රික වතාවත් සිදු කිරීමට සූදානම් වෙති. මරණ පරීක්ෂණයට පෙර ක‍්‍රිස්තියානි බැතිමතුන් ද විශේෂ යාඥාවක් සිදු කිරීමටද සැලසුම් කරයි.
මැනිලා නුවරට කිලෝමීටර් 800ක් දුරින් පිහිටි මෙම ප‍්‍රදේශයට ආකර්ෂණයක් ලබා දුන් කිඹුලා වාසය කල පරිසර සංචාරක උද්‍යානයේදී මෙම වතාවත් පැවැක්වෙනු ඇත.
2011 දී මේ කිඹුලා අල්ලා ගනු ලැබුයේ ජීවිත කිිපයකට හානි කිරීමේ චෝදනා නිසාය. මියගිය කිඹුලා සංරක්ෂණය කර නගර කෞතුකාගරයේ ප‍්‍රදර්ශනය කිරීමට යන්නේ ප‍්‍රදේශයට ප‍්‍රසිද්ධියක් ලබා දෙන අරමුණෙනි.
No comments:
Post a Comment