Pages

2/12/13

හිම (ගල්) වැස්‌සෙන් ඉන්දියාවේ 9 දෙනෙක්‌ ඔලු පැලී මිය ගිහින්

යෝධ ගල් කුට්‌ටි හා සමාන හිම කුට්‌ටි පමණක්‌ ඇදහැළුණු වර්ෂාවක්‌ නිසා ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ගම්මානයක වැසියන් 9 දෙනකු සහ හරකුන් සිය ගණනක්‌ හිස්‌ පැලී මියගියහ. මෙයට මසකට පමණ පෙර රතු වැස්‌සක්‌ කඩාහැළුණේ ද අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයකට ය.
මේ වර්ෂාව විනාඩි 20 කට වඩා පැවැති බවත් ගෙවල් බොහොමයක වහළ හිල් වූ බවත් දැනගන්නට තිබේ. Hail storm ලෙස හැඳින්වෙන හිම කුට්‌ටි වැසි ගැන ලෝක ඉතිහාසයේ අවස්‌ථා කිහිපයකදී ම වාර්තා වී තිබේ.

1986 අප්‍රියෙල් 19 වැනිදා බංග්ලාදේශයට වැටුණු මෙබඳු හිම වැස්‌සකින් කිලෝ ග්‍රෑම් එකහමාරක්‌ පමණ බරින් යුතු හිම කුට්‌ටි දහස්‌ ගණනක්‌ මහ පොළොවට කඩා වැටිණ.

මෙහිදී පුද්ගලයන් 90 ක්‌ මිය ගියේය. 1888 අප්‍රියෙල් 30 වැනිදා ඉන්දියාවේ මොරාදබාද් සහ බිහාර් දිස්‌ත්‍රික්‌කවලට වැටුණු හිම කුට්‌ටි වැස්‌සකින් පුද්ගලයෝ 296 ක්‌ මිය ගියහ. මෙය ලොව භයානකම හිම කුට්‌ටි වැස්‌ස ය.

පසුගියදා අන්ද්‍රා ප්‍රදේශයට වැටුණු හිම කුට්‌ටි වැස්‌ස නිසා ප්‍රදේශය සම්පූර්ණයෙන් ම පාහේ හිම තට්‌ටුවකින් වැසී ගියේය.

No comments:

Post a Comment