
මිසාඕ ඔකාවා නම් මෙම කාන්තාව මේ වන විට 114 වියේ පසුවෙයි.
ලොව වයස්ගතම කාන්තාව ලෙස ගිනස් සහතිකය හිමි වීම සම්බන්ධයෙන් තමා ඛෙහෙවින් සතුටට පත්වන බව ඇය පවසා ඇත.
දීර්ඝායුෂ ලැබීමේ රහස ලෙස මිසාඕ දක්වා ඇත්තේ පුද්ගලයකු විසින් සිය ශරීර සෞඛ්‍යය පිළිබඳව සැළකිල්ලෙන් පසුවිය යුතු බවයි.
වසර 1898 මාර්තු 05 දා උපත ලැබූ මිසාඕ මේ වන විට ඕසකා නගරයේ සාත්තු නිවාසයක සිටින අතර, ඇගේ 115 වැනි උපන්දිනය ලබන සතියේ උදාවෙයි.
තිදරු මවක් වන මිසා ඕ හට මුණුබුරු මිණිබිරියන් සිවුදෙනෙක් ද, මී මුණුබුරු මිණිබිරියන් සය දෙනෙක් ද සිටියි.
ලොව වයස්ගතම මිනිසා ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත්ව සිටින 115 හැවිරිදි ජිරොමන් කිමුරා ද ජපන් ජාතිකයෙකි.
වයස වසර 100 ඉක්මවූ වැඩිම පුද්ගලන් සිටින රට ජපානය වන අතර, එරට සිටින සිය විය ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව 51,000කට වැඩි බව විදෙස් වාර්තා වල දැක්වේ.
No comments:
Post a Comment