
අල් කයිඩාවට එරෙහිව සුවිශේෂී කාර්යයක් ඉටු කලද මොහු සඳහා රජය විශේෂයක් දක්වා නැත. එස්ක්වයර් හි පරික්ෂණ වාර්තා ප‍්‍රධානී ෆිල් බ්‍රොන්ස්ටින් කියා ඇත්තේ හමුදාවේ විශේෂ මෙහෙවරක් කල මෙවැන්නෙකුට සිවිල් සමාජයේ පය ගැසීමට තැනක් නැතිවීම තේරුම්ගත නොහැකි බවයි. හමුදාවෙන් තමාට මෙල්වුකි ප‍්‍රදේශයේ බියර් ට‍්‍රක් රථයක් එලවීමේ රැකියාවක් ලබාදිය හැකි බව පැවසුවේ යයි වෙඩික්කරු කියයි.
මෙය ඩොර් 54000 ක පමණ වැටුපක් ලබන සීල් භටයෙකුගේ තත්වය අන්තයට පහල හෙලීමකි. සෞඛ්‍ය පහසුකම් අත්හිටුවා ඇති නිසා මසකට ඩොලර් 486 ක් වන පුද්ගලික සෞඛ්‍ය රක්ෂණයක් ලබා ගත්තද ඉන් ඔහුගේ කොඳුඇට පෙලේ රෝගී තත්වයට වත් ප‍්‍රතිකාර ගත නොහැකි වී ඇත. ඔහුගේ නිර්ණාමික බව නිසා වෙනත් රැකියාවක් ලබා ගැනීමටද අපහසු වී ඇත.
ඔබාමා හමුදාවේ පැරණියන්ගේ දිනයේදී රට වෙනුවෙන් සටන් කල කිසිවෙකුටත් රැකියා ගැන කරදර වීම අනවශ්‍ය බවත් ඔවුන් ආපසු පැමිණි විට හිසට වහලක් හා පහසුකම් ලැබෙන බවටත් කල ප‍්‍රකාශය සම`ග මේ සීල් භටයාගේ තත්වය විසංවාදීය. සෙබලා දැන් මූල්‍ය, භෞතික තත්වය හා මානසික තත්වය හා සටන් කරමින් සිටී. සටන් වලින් සිදුවූ හානි නිසා ඔුට වෛද්‍ය පහසුකම් වල දැඩි අවශ්‍යතාවයක් මතුවී තිබේ. පරිපාලනය මහත් සේ වර්ණනා කරන ඇමරිකානු විරුවන්ට රජය සලකන්නේ මෙසේදැයි බ්‍රොන්ස්ටීන් ප‍්‍රශ්න කරයි.
බින් ලාඩන්ගේ මරණය රටේ විශාලතම ජයග‍්‍රහණයක් වුවත් ඊට මූලික වූ සොල්දාදුවාගේ ජිවිතය එකම අරගලයක් වී තිබේ.
No comments:
Post a Comment