Pages

2/21/13

හයිද්‍රාබාද්හි බෝම්බ පිපිරීමකින් 15ක් මරුට

ඊයේ රෑ ඉන්දියාවේ හයිද්‍රබාද් පිපිරීම්වලින් 15 ක් මරුට

බ්‍රහස්පතින්දා රාත්‍රියේ ඉන්දියාවේ හයිද්‍රබාද්හි සිදුවුණු බෝම්බ පිපුරුම් කිහිපයක් නිසා අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනකු පමණ ජීවිතක්ෂයට පත්ව 50 දෙනකු පමණ තුවාල ලබා ඇති බව විදෙස්පුවත් සේවා වාර්තා කරයි.
පස්වරු 7.00 ට පමණ සිදුවුණු මෙම බෝම්බ පිපුරුම්වලට ගොදුරු වූවන් පිළිබඳ නිශ්චිත තොරතුරු තවමත් අනාවරණය වී නොමැතිය.

කෙසේ වෙතත් දැනට වාර්තාවන අන්දමට හයිද්‍රබාද්හි දිල්ෂුක්නගර් බස් නැවතුම්පළ ප්‍රදේශයේ මෙම බෝම්බ පිපුරුම සිදුව තිබේ.

පළමු බෝම්බය යතුරුපැදියක හා දෙවන බෝම්බය ආහාර අසුරා තබන ලොකු පෙට්ටියක අටවා තිබුණු බව එරට පොලීසිය පවසයි.

ඉන්දීය ජාතික බුද්ධි තොරතුරු ඒජන්සියට අනුව අවම වශයෙන් බෝම්බ 3 ක් වත් පුපුරා ඇති බවත්, තුවාල ලැබූවන් ඔස්මානියා රෝහලට සහ ආසන්න වෙනත් රෝහල්වලට ඇතුළත් කොට කඩිනමින් ප්‍රතිකාර ලබාදෙන්නට කටයුතු කර ඇති බවත් ඉන්දීය පුවත් සේවා වැඩිදුරටත් තහවුරු කරයි.


No comments:

Post a Comment