
දකුණු අප්‍රිකානු පැරාලිම්පික් ශූර ඔස්කාර් පිස්ටෝරියස් සිය පෙම්වතියට වෙඩි තබා ඝාතනය කිරීමට අදාළ නඩුව ඊයේ දිනයේදී විභාගයට ගැනිණ.
මෙහිදී දකුණු අප්‍රිකානු පොලිස් පරීක්ෂක කණ්ඩායමේ හිලටන් බෝතා නම් තැනැත්තා සිය වාර්තාවේ කරුණු අධිකරණයට ඉදිරිපත් කළේ ය.
එහිදී ඔහු පෙන්වා දුන්නේ, මෙම වෙඩි තැබීමට පෙර පිස්ටෝරියස් හා ඔහුගේ පෙම්වතිය අතර පැයක පමණ කාලයක් බහින්බස්වීමක් සිදුව ඇති බවය.
ඔහුගේ නිදන කාමරයේ තිබී උත්තේජක සොයාගැනීමට හැකි වූ බව ද පරීක්ෂකවරයා පැවසී ය.
ඊට විරෝධය පළ කරමින් පිස්ටෝරියස් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් පැවසූවේ, මෙම උත්තේජක ශාක සාරයෙන් නිෂ්පාදන කරන ඕනෑම කෙනෙකුට පානය කළ හැකි ද්‍රව්‍යක් බවය.
එහෙත් පිස්ටෝරියස් දිගින් දිගටම පවසා සිටින්නේ, අත්වැරදීමකින් තමන් සිය පෙම්වතියට වෙඩි තැබූ බව ය.
No comments:
Post a Comment