Pages

1/5/13

සමාර්ට් ෆෝන් වලටත් Ubuntu

ලිනක්ස් මුලික වූ පරිඝනක ක‍්‍රියාත්මක කිරීමේ පද්ධතිය (OS) අයත් සමාගම වූ කැනොනිකල්, ස්මාර්ට් දුරකථන සඳහා විශේෂිත වූ ක‍්‍රියාත්මක කිරීමේ පද්ධතියක් හඳුන්වා දීමට යයි.
තම අරමුණ ටීවී, දුරකථන, පරිඝනක ආදියෙන් සුවිශේෂී අත්දැකීමක් පාරිභෝගිකයාට ලබා දීම බව සමාගම කියයි. ස්මාර්ට් දුරකථන වලටම නිපදවූ පද්ධතිය නවතම පරිශීලක අතුරු මුහුණතකින් යුක්තවේ.

ලිනක්ස් භාවිතා කරන බොහෝ දෙනෙකුගේ තේරීම උබුන්ටු බවට පත්ව ඇත්තේ කලමනාකරණයේ පහසුව, ආරක්ෂාව සහ වියදම නිසා බව කැනොනිකල් හි ප‍්‍රධාන විධායක නිලධාරිනී ජේන් සිල්බර් පවසයි.  දුරකථන, එස්.එම්. එස්., වෙබ් හා ඊමේල් සඳහා භාවිතා කරන මූලික ස්මාර්ට් දුරකථන වලට උබුන්ටු හොඳින් ගැලපෙන නිසා ඒ පිලිබඳව අවස්ථාවන් සොයා බලන බව ඇය කියයි.

ARM සහ X86 දත්ත සකසන දෙකම උබුන්ටු සඳහා ගැලපෙන බැවින් ඇන්ඩ්‍රොයිඞ් සහිත දුරකථන වලින් බොහොමයකට පහසුවෙන් සම්බන්ධ කල හැකිය. ඇඟිල්ලෙන් ක‍්‍රියා කරවන ලැයිස්තු ඇතුලත් උබුන්ටු හි ජංගම සංස්කරණයක් ගැලක්සි නෙක්සස් දුරකථනයකට යොදා ඇති ආකාරය කැනොනිකල් ප‍්‍රධානී මාක් ෂට්ල්වර්ක් ප‍්‍රදර්ශනය කලේය.

හඬ මගින් විධාන ලබා දීම, සුවිශේෂී යෙදුම් ගබඩාව සහ පුද්ගලීකරණය කල හැකි තිරය ආදිය මෙම පද්ධතියේ අනිකුත් ලක්ෂණ වේ.

No comments:

Post a Comment