Pages

1/5/13

නබිතුමාගේ ජීවිතය හලාල් එකක්

මහම්මත් නබි තුමාගේ ජීවිතය පිලිබඳ කාටුන් ඇතුලත් ප‍්‍රංශ උපහාසාත්මක සඟරාවක විශේෂ කලාපයක් නිකුත් වී ඇත.
අතීතයේදී මෙවැනි රූප නිසා අන්තර්ජාතික වශයෙන් විශාල උද්ඝෝෂණ ඇති විය. මිනිස් අතකින් මහම්මද් තුමා සිතුවමට නැගිය නොහැකි බවත් එසේ කිරීම අල්ලා දෙවියන්ට කරන අපහාසයක් බවත් ඉස්ලාම් භක්තිකයෝ විශ්වාස කරති.

නමුත් චාලි හෙබ්ඩෝ සඟරාව ‘මහම්මද් තුමාගේ ජීවිතය හලාල් එකකි’ යනුවෙන් කලාපය නම් කර ඇත්තේ එය මුස්ලිම් විද්‍යාර්ථින් හා ඉතිහාසඥයන් විසින් සංස්කරණය කල බැවිනි.

එහි ප‍්‍රකාශක ස්ටෙෆාන් කාබොනියර් AFP වෙත කියා ඇත්තේ ඉහල මුස්ලිම් වරුන්ට මෙහි වැරදි සහගත දෙයක් සොයා ගැනීමට නොහැකි වනු ඇති බවයි. මෙම කාටුන් ගැටුම් ඇති කිරීමේ උත්සාහයක් බවට ට්විටර් හි පලවූ මත කිහිපයක් හැර මෙයට තවමත් නිහඬ ප‍්‍රතිචාරයක් ලැබී ඇත.

ප‍්‍රංශ රජය මේ පිලිබඳ අකමැත්ත පලකර ඇති අතර තුර්කිය මෙය වැරුද්දක් බවට හෙලා දැක තිබේ. නමුත් සඟරාව සිය කාටූනය අධ්‍යාපනික එකක් බව කියමින් සමාවක් නොඉල්ලා සිටී.

කලින් මෙවැනිම පල කිරීම් නිසා මරණ තර්ජන වලට ලක්ව පොලිස් ආරක්ෂෘව මැද දිවිගෙවන කොබොනියර් මෙමගින් තවදුරටත් මුස්ලිම් වරුන්ගේ කෝපයට ලක්වනු ඇත.

සැප්තැම්බරයේ මෙම සඟරාව මහම්මද් නබි තුමාගේ නිරුවත් කාටුන පල කිරීම නිසා රටවල් 20ක පිහිටි ප‍්‍රංශ තානාපති කාර්යාල හි තාවකාලිකව වසා වසා දමන ලෙස විරෝධතා පැවැත්විනි.

No comments:

Post a Comment