සිරියානු කැරලි කරුවන් සතුව රසායනික අවි වල සියළු කොටස් පවතින බවත් අවශ්‍ය වුවහොත් ඒවා එකලස් කර අවි නිපදවීමේ දැනුමද ඇති බවත් වාර්තා වේ.
තුර්කියේ ඇනටෝලි පුවත් ආයතනය නිදහස් හමුදාවේ බස්සාම් අල් ඩඩා උපුටා දක්වමින් කියා ඇත්තේ ඒවා භාවිතා කලොත් පහර දෙන්නේ රජයේ මූලස්ථාන හා කේන්ද්‍ර වලට පමණක් බවයි. රජය මුලින් භාවිතා කලොත් පමණක් කැරලිකරුවන් මෙම අවි භාවිතා කරන බව අල් ඩඩා අවධාරනය කර ඇත.
රජයෙන් ඉවත් කල හමුදා නිලධාරීන්ගෙන් මෙම තාක්ෂණය ලැබුණු බව කියා ඇතත් විශේෂ පුද්ගලයෙක් සඳහන් කර නැත.
මේ ප‍්‍රකාශය සමඟම රජයේ රසායනික අවි පුහුණුකරු ලෙස කටයුතු කල ඉවත් කරන ලද නිලධාරියෙකු වූ මේජර් ජනරාල් අඞ්නන් සිල්ලූ මාධ්‍ය විසින් ඊට සම්බන්ධ කර ඇත. ඔහු දෙසැම්බරයේ ප‍්‍රකාශ කලේ සිරියානු රසායනික අවි කම්හල ඊශ‍්‍රායලයේ ඒවාට සමාන වන බවයි.
යුරෝපා සංගමය හා මිත‍්‍ර රටවල් සිරියාවේ රසායනික අවි භාවිතා කිරීමේ අවදානම ගැන විමසිල්ලෙන් සිටිති. තුර්කිය මේ බිය නිසා තම දේශසීමාවේ පේටි‍්‍රයට් මිසයිල නේටෝවෙන් ස්ථානගත කරගෙන ඇත.

No comments:
Post a Comment