Pages

1/5/13

ඩ්‍රෝන් ප‍්‍රහාර සැඟවීමේ සටනින් ධවල මන්දිරයට ජය

ඩ්‍රෝන් ප‍්‍රහාර වලින් ඇමරිකානුවන් ඝාතනය කිරීමේ තර්කය පැහැදිලි කිරීමට ඇමරිකානු නීති දෙපාර්තමේතුව බැඳී නැතැයි ෆෙඩරල් විනිසුරුවරියක් බදාදා පිටු 75 ක නඩු තීන්දුවක් ලබා දී ඇත.
2011 දී විදේශගත ඇමරිකානුවන් තිදෙනෙක් මරා දැමීමට ඩ්‍රෝන් යානා යොදා ගැනීම සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමේ පනත යටතේ ඇමරිකානු සිවිල් නිදහස් සංගමය සහ නිවුයෝක් ටයිම්ස් විසින් ගොනුකර තිබූ ඉල්ලීම් ඔබාමා පාලනය ප‍්‍රතික්ෂේප කිරීම නිවැරදි බව කොලීන් මැක්මහෝන් විනිසුරුවරිය නිගමනය කර ඇත.

අල්කයිඩාවට සම්බන්ධ බව කියන අන්වර් අල් අවුලාකි, සමීර් ඛාන් සහ අවුලාකි ගේ පුත් අබ්දුල් රහ්මාන් අල් අවුලාකි මෙසේ ඝාතනය කල අයයි. ඒ පිලිබඳව වැඩිදුර විස්තර ධවල මන්දිර නිලධාරීන් හෝ ඔබාමා ලබා නොදීම මෙසේ නඩුවක් දක්වා දික් ගැස්සුණි.

විනිසුරු වරියගේ තීන්දුව පුරා ජනපති ඔබාමා ගේ සහ ඇටෝර්නි ජනරාල් එරික් හෝල්ඩර්ගේ කතා උපුටා දක්වමින් ඔවුන්ගේ රහසිගත විස්තර කිරීම් සාධාරණීකරණය කර ඇත. එසේම ඝාතන වලට උදවු වන සාක්ෂි ඉදිරිපත් කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැක් බවත් අවධාරණය කර තිබේ.

ඇමරිකානු සිවිල් නිදහස් සංගමයේ නියෝජ්‍ය නීති අධ්‍යක්ෂ ජලීල් ජැෆර් මේ තීන්දුවට ප‍්‍රතිචාර දක්වමින් ඇමරිකානුවන් සාධාරණීකරණය කරමින් ජයග‍්‍රාහීව නිදහස් වීමට ධවල මන්දිරයට ඇති හැකියාව හෙලා දකින ප‍්‍රකාශයක් නිකුත් කර තිබේ.

මේ තීරණයට ව්‍යසවස්ථාමය ලෙස අභියෝග කරමින් අභියාචනයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කරන බවද සංගමය කියයි. ටයිම්ස් හි සහකාර උපදේශක ඬේවිඞ් මැක්‍රොවු තම පුවත්පතද තීන්දුවට අභියාචනා ඉදිරිපත් කරන බව කියා සිටී.

පැමිණිලි පක්ෂයට එරෙහිව තීන්දු කලත් ඔහුගේ ප‍්‍රකාශය ගැන අදහස් දක්වමින් විනිසුරු මැක්මහෝන් රජය මේ ප‍්‍රශ්න වලට පිලිතුරු දීමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බව පිලිබඳව මැක්‍රොව් දක්ෂ ලෙස පැහැදිලි කර ඇති බව කියා තිබේ.

No comments:

Post a Comment