Pages

1/17/13

iPhone-5 සිතු තරම් ඉල්ලුමක් නෑ


වෙළදපල රැකගැනීමේ අර්බුදයක

iPhone 5  සිතූතරම් ජනප‍්‍රිය නොවූ නිසා ඇපල් සමාගම එහි අපාංග සඳහා තිබූ ඇණවුම් අඩු කර ඇත. ඒ සමඟම වියදමෙන් අඩු ප‍්‍රතිවාදීයා සැම්සුන් ජනප‍්‍රිය වෙමින් ඇත. වෝල් ස්ටී‍්‍රට් පෙන්වා දෙන පරිදි ජනවාරි – මාර්තු කාල සීමාව සඳහා iPhone දර්ශන තිර වලට ඇති ඇණවුම් ප‍්‍රමාණය අපේක්ෂා කල අගයෙන් අඩකි.


සැම්සුන් ප‍්‍රධාන අනෙකුත් ඇන්ඩ්‍රොයිඞ් පදනම් වූ සමාර්ට් දුරකථන වල තරඟය විසින් iPhone ඉල්ලුම් අඩුකර ඇත. සමාර්ට් දුරකථන අලෙවියෙන් දකුණු කොරියාවේ සැම්සුන් දැන් පෙරමුණ ගෙන සිටියි. වියදමෙන් අඩු චීනයේ හුවාවේ ටෙක්නොලොජීස් හි උපාංගද ඇපල් සමාගමේ ඉල්ලුමට බලපා ඇත.

2011 හතරවන කාර්තුවේ නැවුගත කල ලෝක ස්මාර්ට් දුරකථන වලින් 23% ක් වූ ඇපල් නිෂ්පාදන 2012 තුන්වන කාර්තුව වන විට 14.6% ක් දක්වා විශාල ලෙස අඩුවී තිබූ බව අන්තර්ජාතික දත්ත සංස්ථාව කියයි. වසරකට පෙර 8.8% ක් වූ සැම්සුන් හි එම අගය 2012 තුන්වන කාර්තුව වන විට 31.3% ක් දක්වා අධිවේගයෙන් වැඩි වී ඇත. ගැලක්සි ස්මාර්ට් දුරකථන වල අලෙවියත් සමඟ 2012 හතරවන කාර්තුවේ වාර්තාව අළුත් වනු ඇත.

2012 සැප්තැම්බරයේ iPhone 5 හඳුන්වා දීම මගින් තරඟය හමුවේ වෙලඳපොල රැක ගැනීමේ ඇපල් උත්සාහය පෙනීයයි. එම නිපැයුම අඟල් 4 ක වඩා දිග තිරයකින්ද යුක්ත වේ. සංවර්ධනය වෙමින් ඇති වෙලඳපොල ඉලක්ක කරගෙන සඡුයදබැ හි ලාභදායක සංස්කරණයක් ඉදිරිපත් කිරීමටද යන බව වාර්තා වේ. එහි මිල ඩොලර් 99 ත් 149ත් අතර වනු ඇත. දැනට ඩොලර් 650ක් වන සාමාන්‍ය මිල අනුව එය තුන්වන තැන ගනු ඇත. එම දුරකථන ප‍්‍රමාණයෙන් කුඩා වන අතර ලාභ උපාංග යොදා ගනිමින් නිෂ්පාදනය කෙරේ.

No comments:

Post a Comment