Google හා තරඟයට Facebook වෙතින් සර්ච් එන්ජින් එකක්
google හා තරඟ කිරීමට නව සෙවීමේ යාන්ත‍්‍රණයක් (Search Engine) දියත් කිරීමට සූදානම් බව ෆේස්බුක් කියයි. ජනවාරි 15 රාත‍්‍රියේ එහි ඇමරිකානු ප‍්‍රධාන කාර්යාලයට මාධ්‍යවේදීන් කැඳවා ඇත්තේ තමන් ගොඩනගමින් සිටින්නේ කුමක්දැයි පෙන්වීමටය.
අන්තර්ජාල ආරංචි අනුව ජංගම දුරකථනයේ සිට අන්තර්ජාල දුරකථන දක්වා සියළු දේ අනාවරණය කිරීමට යන බවත් නවතම ආරංචි අනුව ‘ෆේස්බුක් සොයා බැලීම්’ අනාවරණය කරනු ඇති බවත් කියවේ.
මෙම යාන්ත‍්‍රණයේ ක‍්‍රියාකාරීත්වය දැනට අපැහැදිලි අතර මාධ්‍ය වලට කියා ඇත්තේ කැලඹීමක් ඇතිකරන අළුත්ම සෙවීමේ අනාගතයක් ඉක්මනින් දියත් කරන බවයි. ෆේස්බුක් හි දැනටමත් ස්ථාන, පුද්ගලයින් හා දේවල් පිලිබඳව සෙවීමේ ලක්ෂණයක් අන්තර්ගත කර ඇත.
පොකට් ලින්ඞ් වෙබ් අඩවියට අනුව අළුත් ලක්ෂණය මගින් පරිශීලකයන්ට google මගහැර සෙවීම් කිරීමට හැකිවන නිසා google සමාගමට හිසරදයක් වනු ඇති බව පැවසෙයි. 15 රාත‍්‍රී නිවේදනයෙන් පසු පැය ගණනක් ඇතුලත නව ලක්ෂණය එලි දැක්වීමට සූදානම්ය. ෆේස්බුක් දුරකථනයක් එලි දැක්වීම ගැන ආරංචිද ලැබී ඇති නිසා ඇතැම් අය කියන්නේ එය සිදුවීමට යන බවයි. ඒ සඳහා ඇපල් iPhone සහ iPad කණ්ඩායම් වල ඉංජිනේරුවන් බිලී බාගෙන ඇති බවද පැවසේ.
මීට පෙරද HTC හා ෆේස්බුක් එකතුව චාචා සහ සල්සා නම් ෆේස්බුක් බොත්තම් සහිත දුරකථන දෙකක් එලි දක්වන ලදී මිතුරන්ට නොමිලේ ඇමතුම් ගතහැකි වන පරිදි ෆේස්බුක් විශේෂාංගයක් එක් කිරීමටද සැලසුමක් ඇත විශේෂඥයන් කියන්නේ ජංගම දුරකථන වල ක‍්‍රියාවලිය භාර ගැනීමෙන් සමාජ ලෝකයේ ප‍්‍රමුඛයා වීමට සමාජ ජාලය උත්සාහ කරන බවයි.

No comments:
Post a Comment