Pages

1/17/13

සමලිංගික අයිතිවාසිකම් ඉල්ලා

සමලිංගික අයිතිවාසිකම් ඉල්ලා වතිකානුවේ අඩනිරුවත් උද්ඝෝෂණ

පාප් වහන්සේ දේව ආශිර්වාදය කියවමින් සිටින අවස්ථාවේදී ෆීමන් කාන්තාවාදී සංවිධානයේ සමලිංගික ක‍්‍රියාකාරීන් පිරිසක් වතිකානුවේ ශාන්ත පීතර චතුරස‍්‍රයේ අඩ නිරුවත් උද්ඝෝෂණයක් පවත්වා ඇත. පැරිසියේ සමලිංගික විවාහ වලට විරුද්ධ පාගමනක් පැවැත්වීම නිසා මේ සිද්ධිය හටගෙන තිබේ.
මේ කාන්තාවන් හතර දෙනා ‘අප විශ්වාස කරන්නේ සමලිංගිකත්වයයි’ යනුවෙන් නිරුවත් උඩුකයේ ලියාගෙන තිබුණි. බැතිමතුන් ගේ කෝපය අවුළුවමින් පාප්තුමා දේශනාව අරඹන විට සමලිංගික භීතිකයිනි, කට වහනු’ යනුවෙන් කෑ ගැසීම නිසා පිරිසේ එක් කාන්තාවක් පාපිෂ්ඨයින් යයි කියමින් කුඩපහර දී ඇත.

වතිකානු පොලීසිය විසින් ක‍්‍රියාකාරීන් ඉවත් කරනු ලැබූහ. යුක්රේනියානු ස්ත‍්‍රීවාදීන්ගේ මේ උද්ඝෝෂණය පැවැත්වුනේ ප‍්‍රංශ ජනපති ෆ‍්‍රැන්කොසිස් හොලන්ඬේ සමලිංගික විවාහ සහ ඔවුන්ට දරුවන් හදා ගැනීම නිත්‍යානුකූල කරන පනතක් සම්මත කිරීමට එරෙහිව සිය දහස් ගණන් ජනයා උද්ඝෝෂණය කල බැවිනි.

මේ අතරතුර ඉරිදා වතිකානුව සමලිංගික යුවල විසින් දරුවන් හදා ගැනීමට විරෝධය පල කල අතර ෆීමන් උද්ඝෝෂණය හෙලා දකින ලදී. මව හා ඇයගේ සහකාරිය සමඟ විසීමෙන් සිය පුතා යහමග නොයනු ඇතැයි බියවූ පියෙක් කල ඉල්ලීමක් ඉතාලි අධිකරණය ප‍්‍රතික්ෂේප කිරීම ගැන ද වතිකානු ප‍්‍රකාශක ලොසර්වැටෝ රොමානෝ ප‍්‍රතිචාර දක්වා ඇත.

ස්කෙයාර්ඞ් හාට් නම් කතෝලික විශ්ව විද්‍යාලයේ ජෛව ආචාරධර්ම අධ්‍යක්ෂඛ ඇඩි‍්‍රයානේ පෙසිනා කියා ඇත්තේ මිනිසා ස්ත‍්‍රී හා පුරුෂ වශයෙන් වන බවත් ගැහැණියක් හා පිරිමියෙක් සිටින පවුලක් මානව සම්බන්ධතා පිලිබඳව වර්ධනය වන අවධියේ සිටම ඉගෙනීමට හොඳම තැන බවත්ය.

No comments:

Post a Comment