ඇමරිකානු ජාතික ආරක්ෂණ දෙපාර්තමේන්තුව පුද්ගලයන්ට කියා සිටින්නේ සිදුවිය හැකි දත්ත සොරකම් ප‍්‍රහාර වලක්වා ගැනීමට තම පරිගණක වලින් ජාවා තාවකාලිකව විසන්ධි කරන ලෙසයි.
බ‍්‍රහස්පතින්දා පරිඝනක ආරක්ෂක විශේෂඥයන් මතුකල ගැටළුවකට පිලිතුරක් ලෙස මෙම නිර්දේශය ලබා දී ඇත.
විශේෂඥයන් විශ්වාස කරන්නේ දත්ත සොරුන් අපරාධ ක‍්‍රියාවන් හා අනෙකුත් අධිතාක්ෂණික නෙමනා ක‍්‍රියා සිදු කිරීමට දොරටුවක් සපයන ජාවා කේතයක දුර්වලතාවයක් සොයාගෙන ඇති බවයි. ජාවා යනු සෑම පරිඝනක ක‍්‍රියාකරවීමේ පද්ධතියකම පාහේ ධාවනය වන පුළුල් පරාසයක අන්තර්ජාල වැඩසටහන් හා මෘදුකාංග ලිවීමට භාවිතා කරන තාක්ෂණික භාෂාවකි.
2010 දී ජාවා නිර්මාණය කල සන් මයික්‍රොසිස්ටම්ස් වෙතින් ඩොලර් බිලියන 7.3 කට එය මිලදී ගෙන ඇත්තේ ඔරකල් ආයතනය විසිනි. රෙඞ්වුඞ් ෂෝර්ස් හි පිහිටි ඔරකල් සිකුරාදා වන තුරුත් මේ පිලිබඳව අදහසක් දක්වා නොතිබුණි.

No comments:
Post a Comment