Pages

1/17/13

ලන්ඩන් නුවර හෙලිකොප්ටර අනතුරකින් දෙදෙනෙක් මරුට

හෙලිකොප්ටරයක් ගිනිගෙන ලන්ඩනය මැදට කඩා වැටේ (පින්තූර)

එංගලන්තයේ – දකුණු ලන්ඩනයේ තේම්ස් නදිය ආසන්නයේදී ඊයේ පස්වරුවේ හෙලිකොප්ටර් අනතුරක් සිදුව ඇත.


ඉතා පහතින් ගමන් කළ හෙලිකොප්ටර් යානය දොඹකරයක ගැටීමෙන් පසු ගිනිගෙන කඩා වැටී ඇති අතර ඉන් දෙදෙනෙකු මිය ගොස් තිබේ. තවත් තුවා ලැබූ කිහිප දෙනෙක් රෝහල් ගත කර තිබේ.

ගිනිගෙන කඩාවැටුණු හෙලිකොප්ටරයට යටවුණු මෝටර් රථ දෙකකට බරපතල හානි සිදුව ඇත.

ගිනිගන්නා යානයේ සුන්බුන් මාර්ග වල විසිරී තිබූ අතර ගිනිනිවන හමුදා භටයන් විසින් ගින්න මැඩපවත්වා ඇති අතර අනතුර හේතුවෙන් අවට මාර්ග වල දැඩි මාර්ග තදබදයක් ඇතිවී තිබිනි.






No comments:

Post a Comment