1/17/13
එන පොට හොඳ නෑ…
ජර්මනිය ඇමරිකාවේ තිබූ රන් සංචිත ආපසු ගෙනෙයි
ජර්මනියේ දිනපතා පුවත්පතක් වාර්තා කලේ ඇමරිකාවේ හා ප‍්‍රංශයේ ඇති ජර්මන් රත‍්‍රන් සංචිත වලින් විශාල ප‍්‍රමාණයක් ආපසු ගෙන්වීමට ජර්මන් මහබැංකුව කටයුතු කරන බවයි. මේ ක‍්‍රියාමාර්ගය ගෙන
ඇත්තේ භෞතික වශයෙන් එම අරමුදල් තහවුරු නොකිරීම ගැන විගණන චෝදනාවක් එල්ල වීමෙන් පසුවයි.
බන්ඩෙස් බැංකුව ට අයත් ප‍්‍රංශයේ පැරිස් බැංකුවේ තිබූ ටොන් 450 ක රන් කුට්ටි හා නිව්යෝක් ෆෙඩරල් සංචිතයේ තිබූ ටොන් 1500 න් කොටසක් මෙසේ ගෙන්වීමට යන බව හැන්ඩල්ස් බ්ලැට් වාර්තා කර ඇත. ජර්මන් රන් කලමනාකරණයේ නව සැලැස්මක් බදාදා එලි දැක්වීමට පෙර පලවූ මේ වාර්තා ගැන රජය අදහසක් පලකර නැත.
ඇමරිකාවට පමණක් දෙවැනි වන ජර්මනියේ රන් කුට්ටි සංරක්ෂිතය පොලූ 270000ක් පමණ වෙයි. සෝවියට් ප‍්‍රහාර ගැන තර්ජන එල්ලවූ සීතල යුද්ධ සමයේ මෙම රන් තොගය පිටරට වල ස්ථනගත කරන ලදී. බන්ඩෙස් බැංකුව කියන පරිදි දැන් එසේ පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් නැති නිසා වෙලඳ අරමුණු සඳහා පමණක් සුලූ ප‍්‍රමාණයක් පිටරට තැබෙනු ඇත.
ෆ‍්‍රැන්ක්ෆර්ට් හි පිහිටි බන්ඩෙස් බැංකුවේ ජර්මන් රන් තැන්පතු වලින් 30%ක් පමණ දැනට ඇත. විගණන සභාවේ විවේචනයට පිලිතුරු ලෙස මහ බැංකුව කියා ඇත්තේ විදේශ ගබඩා වල අඛන්ඩ බව පිලිබඳ සැකයක් නැති බවයි.
ජර්මන් මහ බැංකුව එම සමාජයේ ඉතාම විශ්වාසදායී ආයතන වලින් එකක් ලෙස සැලකේ. පලපුරුදු රන් කරුවකු වන ජිම් සින්ක්ලෙයාර් පවසන්නේ බන්ඩෙස් බැංකුවේ උපායමාර්ගය ලෝක රන් වෙලඳපොලේ නව නැඹුරුවක් පෙන්වන බවයි.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment