බෝයින් 787 ඩ්‍රීම්ලයිනර් වර්ගයේ සියලුම ගුවන් යානා පියාසර කරවීම තාවකාලිකව අත්හිටුවන ලෙස, අමෙරිකානු ගුවන් සේවා නියාමන ආයතනය සිය ගුවන් සේවාවන්ට දැනුම් දී තිබේ.
ජපාන ගුවන් සේවයකට අයත් ඩ්‍රීම් ලයනර් යානයක බැටරි පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් එය හදීස්සියේ
ගොඩබැස්වීමට සිදුවීම ඊට හේතුව විය.
මෙම සිද්ධිය හේතුවෙන් තමන් සතු සියලුම ගුවන් යානා පියාසර කරවීම තාවකාලිකව අත්හිටුවීමට ජපාන ප්‍රවාහන අමාත්‍යාංශය ඊයේ තීරණය කළේය.
එමෙන්ම ඩ්‍රීම්ලයිනර් වර්ගයේ සියලු ගුවන් යානා පරීක්ෂා කිරිමට ද ජපාන ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කළේය.
ඊයේ දිනයේ හදිස්සියේ ගොඩබැස්සවීමට සිදුවූ යානයේ මගීන් 129දෙනෙකු සහ කාර්යමණ්ඩල සාමාජිකයින් 8දෙනෙකු ගමන් කරමින් සිටි බව සදහන්ය.
පසුගිය සති කිහිපය තුළ බෝයින් 787 ඩ්‍රීම්ලයිනර් වර්ගයේ ගුවන් යානාවලින් ඉන්ධන කාන්දුවීම, නියමු කිටියේ ජනේල බිඳීයාම, තිරිංග පද්ධතියේ ගැටලු සහ විදුලිය කාන්දුවීම වැනි දෝෂ වාර්තා විය.
විදෙස් වාර්තාවල දැක්වෙන්නේ මෙම සිද්ධි සම්බන්ධයෙන් විමර්හන ක්‍රියාත්මක බවය.

No comments:
Post a Comment