8 වන සියවසේදී දැනට වාර්තා වී ඇති බලවත්ම පිපිරීම ලෙස සැලකෙන ගැමා කිරණ පිපුරුමක් සිදුවී ඇත. 2012 දී විද්‍යාඥයන් සොයා ගත් අන්දමට මධ්‍යම යුගයේදී විකිරණ පිපුරුමක් සිදුවී ඇති අතර මෙයට හේතු වු අන්තරීක්ෂ ක‍්‍රියාවලිය කුමක්දැයි තවම අපැහැදිලිය.
එක් අධ්‍යයනයකින් කියවෙන්නේ කළු කුහර දෙකක් හෝ නියුට්‍රෝන තාරකා දෙකක් අපේ මන්දාකිණිය තුදී ගැටීමේ ප‍්‍රතිඵලයක් බවයි. ඉන් විශාල ශක්තියක් නිකුත් වන්නට ඇත. රාජකීය තාරකා විද්‍යාඥ සංගම් ජර්නලයේ මේ පර්යේෂණ ගැන පලකර තිබුණි.
ජපාන පර්යේෂකයන් කණ්ඩායමක් පැරණි සෙදාර් ගස් වලින් විකිරණශීලී කාබන් 14 සොයා ගැනීමත් අයිස් වල බෙරිලියම් 10 සොයා ගැනීමත් මගින් මේ බවට සාක්ෂි ලැබී ඇත. මේ මූලද්‍රව්‍ය සමස්ථානිකයන් සෑදෙන්නේ බහල වායුගෝලයේ පරමාණු අධික විකිරණ වලට ලක්වීම නිසාය. ගස්වල වලලූ සහ අයිස් කුට්ටි දත්ත වලින් මෙය සිදුවී ඇත්තේ ක‍්‍රි.ව.
774, 775 කාලයේ යයි නිර්ණය කර තිබේ. සුපිරි නෝවාවක් හෙවත් පුපුරන තාරකාවක් නිසා මෙය සිදුවීමද විය නොහැකි වන්නේ එවැන්නක සුන්බුන් අදටත් දුරදක්න මගින් දැකගත හැකි වියයුතු නිසාය. ඇමරිකානු භෞතික විද්‍යාඥයන් කණ්ඩායමක් යෝජනා කරන්නේ සූර්යයාගෙන් නිකුත් වූ විශාල දැල්ලක් නිසා මෙවැනි ශක්තියක් නිකුත් වන්නට ඇති බවයි. මෙම මූලද්‍රව්‍ය දෙක නිපදවීම ස්ථිරවම සිදුවන්නක් බව ජර්මන් පර්යේෂක මහාචාර්ය රැුස්ෆ් නුහෝසර් පවසයි.
තත්පර ගණනක් තුල සිදුවන කළුකුහර, නියුට්‍රෝක තාරකා හෝ සුදු අඟුටුමිටි තාරකාවන් ගැටීමේදී මෙවැනි විශාල ශක්තියක් නිපදවුනත් එය එකල සිටි අයට එතරම් දැනීමක් නොවන්නට ඇතැයිද ඔහු කියයි. මෙවැනි ගැමා කිරණ පිපිරීම් සිදුවන්නේ මන්දාකිණියක් සඳහා වැඩිම වශයෙන් 10000 කට වරක්ද අඩුම වශයෙන් වසර මිලියන ගණනකට වරක් ද විය හැකිය.
මෙවැන්නක් යලි ඉක්මනින් සිදුවීම අසම්භාවී වුවත් එසේ සිදු වුවහොත් එහි බලපෑම මීට වඩා වැඩිවන බව මහාචාර්ය නුහෝසර් පවසයි. කැන්සාස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඇඩි‍්‍රයන් මෙලට් කියා සිටියේ මේ පිපිරීම විය හැකි යෙක් වන බවත් සූර්ය දැල්ල ඒ සඳහා පිලිගත හැකි හේතු දැක්වීමක් විය හැකි බවත්ය.

No comments:
Post a Comment