රජයන් හා නීති වලංගුකරන ආයතන වලින් පරිශීලක තොරතුරු ලබා ගැනීම සඳහා ලැබෙන ඉල්ලීම් වල වාර්තාගත වැඩිවීමක් ඇතැයි google වාර්තා කරයි.
ඇමරිකාවේ දත්ත අනාවරණය කිරීමේ දැඩි ඉල්ලීම් සමඟ පසුගිය වසරේ එය 25% කින් වැඩිවී තිබේ. විනිවිද භාවය පිලිබඳ google වාර්තාවේ මේ ගැන සඳහන් වේ. 2009 දී මෙම ඉල්ලීම් වාර්තා කිරීමට ගත් කාලයේ සිට මේ දක්වා මේ දක්වා වැඩි වීම 70% ක් පමණ වේ.
2011 දී තිබු 34001 ට සාපේක්ෂව 2012 දී ඇති 42327 සැලකිය යුතු වර්ධනයකි. 2012 දී ඇමරිකාවෙන් ලද ඉල්ලීම් වලින් 88% ක් ටදදටකැ පිලිගෙන තිබේ. අන් රටවල් වල එකතුව වත් ඇමරිකානු අගයට ලංවීමට අපොහොසත් වී ඇති අතර දෙවන තැන සිටින ඉන්දියාවෙන් 2431 ක්ද තුන්වන තැනට ප‍්‍රංශයෙන් 1693 ක් ද ලැබී ඇත.
මේ පිලිබඳ වැඩි විස්තර දැක්විය නොහැකි වුවත් ඉල්ලීම් ලැබුනේ අපරාධමය කරුණු සම්බන්ධයෙන් බව google කියයි. බි‍්‍රතාන්‍යයේ ප‍්‍රයිවසි ඉන්ටර්නැෂනල් නම් අයිතිවාසිකම් ආයතනය google, ෆේස්බුක් හා ට්විටර් රජයන් ගේ ඇඟිලි ගැසීම් වලට ලක්වීමේ හැකියාව වැඩි බව කියයි.
අන්තර්ජාතික නීති උපදේශන ආයතනයේ ප‍්‍රධානී කාර්ලා නිස්ටි කියන්නනේ අන්තර්ජාල සන්නිවේදනය පිලිබඳ ශක්තිමත් පුද්ගලිකත්ව ආරක්ෂණයක් අවශ්‍ය බව මින් පෙන්වා දෙන බවයි. අධිකරණය පවා මගහැර යමින් google හා එවැනි වෙනත් ආයතන ‘නිධන් වස්තු’ ලෙස සැලකීම රජයන් විසින් නතර කල යුතු බවද ඇය කියා තිබේ.
මේ තොරතුරු ඉල්ලීම් වල වර්ධනය සලකා යුරෝපා සංගමය පරිශීලක අනුදැනුමකින් තොරව පුද්ගලික තොරතුරු හුවමාරු කිරීම ෆේස්බුක් සහ ටදදටකැ සඳහා සීමා කිරීමට යයි. 1996 දත්ත අරක්ෂක පනත මේ සඳහා සංශෝධනය කල අතර එයට ෆෙස්බුක් හා google විරෝධය එල්ල වී ඇත.

No comments:
Post a Comment