1/25/13
උතුරු කොරියාව න්‍යෂ්ටික අවි අත්හදා බලයි
උතුරු කොරියාව ඇමරිකාවට පහර දිය හැකි න්‍යෂ්ටික අවි අත්හදා බලයි
උතුරු කොරියාව ඇමරිකාවට ඉලක්ක කිරීම සඳහා සැලසුම් කරන ලද තුන්වන න්‍යෂ්ඨීක අත්හදා බැලීමක් සහ දිගු පරාස රොකට් විදින පරීක්ෂණයක් සිදු කිරීමට සැලසුම් කර තිබෙන බවට නිවේදනය කර
ඇත. ඇමරිකාවෙන් දිගින් දිගටම සිදුවන සතුරුකම් නිසා ඒවාට එරෙහිව ඍජුවම මුහුණ දෙන බව තර්ජනය කිරීමට පටන් ගෙන ඇත.
දෙසැම්බරයේ දී මිසයිලයක් අත්හදා බැලූවේ යයි චෝදනා කරමින් අඟහරුවාදා කලාපයේ සම්බාධක ව්‍යාප්ත කිරීමෙන් පසු මේ ප‍්‍රකාශය කර තිබේ. උතුරු කොරියාව එය සාමකාමී චන්ද්‍රිකා මෙහෙයුමක් බව සැම විටම කියා සිටියත් ඇමරිකාව හා අන් අය කියන්නේ දිගුදුර මිසයිල අත්හදා බැලීමක් බවයි.
ඇමරිකාවෙන් එල්ල වන තර්ජන හමුවේ ස්වයං ආරක්ෂාව සඳහා හමුදා හැකියාවන් හා න්‍යෂ්ඨීක සංවර්ධනය ප‍්‍රමාණාත්මකව මෙන්ම ගුණාත්මක ලෙසද වැඩිකරන බව උතුරු කොරියානු විදේශ අමාත්‍යාංශය කියා ඇත. සංයුක්ත න්‍යෂ්ඨීක පුපුරණ කොටස් නිපදවීමේ තාක්ෂණය තවම කොරියාවට නැතත් ඇමරිකාවේ බටහිර වෙරලට ලඟා විය හැකි මිසයිල ඔවුන් සතු බව ජපානය ප‍්‍රකාශ කර තිබේ.
2006 සහ 2009 වසරවල න්‍යෂ්ඨීක අත්හදා බැලීම් නිසා එරටට න්‍යෂ්ඨීක පර්යේෂණ නැවැත්විය යුතු බවට සම්බාධක පනවන ලදී. මෙම තර්ජනය කල න්‍යෂ්ඨීක අත්හදා බැලීම සිදු කරන්නේ කවදාදැයි උතුරු කොරියාව කියා නැත. ඔවුන්ට එය නොකරන ලෙසට ඇමරිකාව අනතුරු අඟවන බව ඇමරිකානු තානාපති නියෝජිත ග්ලින් ඬේවිස් දකුණු කොරියාවේ සියොල් හිදී කියා ඇත.
බෝම්බ 4 ත් 8 ත් අතර ප‍්‍රමාණයකට ප්ලූටෝනියම් එහි ඇති බව න්‍යෂ්ඨීක විද්‍යාඥ සීජ්ෆ‍්‍රයිඞ් හෙකර් න්‍යෂ්ඨීක සංකීර්ණයේ සංචාරයකින් පසුව කියා ඇත.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment