Pages

1/3/13

වතිකානු සේවකයන්ට ශුද්ධ වූ කාඞ්පත්

කතෝලික සභාවේ වතිකානුව තුල සිටින සේවකයන් කරන්නේ මොනවාදැයි දැන ගැනීම සඳහා ස්වයිප් කාඞ්පතක් නිකුත් කිරීමට සුදානම් වෙයි. මෙය සේවකයන්ගේ කාර්යක්ෂම බව මැනීමක්ද නැතිනම් වතිකානුවේ තොරතුරු පිටට යාම වලක්වා ගැනීමේ උත්සාහයක්දැයි සැකයක් පවතී.
වතිකානුවේ ලිපිකරුවක් හා වෙනත් ගිහි සේවකයන් 3000ක් පමණ සේවය කරති. වැඩ කරන කාලය තුල කාර්යක්ෂමතාවය සහ වගකීම වැඩි කිරීමටත් මෙයින් බලාපොරොත්තු වෙයි. ද ටැබ්ලට් පුවත්පත් වාර්තාකරු සහ වතිකානු රේඩියෝවේ ප‍්‍රකාශක රොබට් මයිකන්ස් කියන්නේ 23 වන ජෝන් පාප් වහන්සේ ගෙන් කොපමණ සේවකයන් පිරිසක් වතිකානුවේ වැඩ කරයිද යනුවෙන් ඇසු විට ලැබුණු පිලිතුර ‘අඩක් පමණ’ බවයි.

වසර ගණනක් තිස්සේ නියමිත පරිදි වැඩ කටයුතු සිදුවේ දැයි පරීක්ෂා කිරීමට වතිකානුව උත්සාහ ගත් බවත් තේ පානයට පැය ගණන් ගත කිරීම නිසා මීට පෙරද ලාංඡුන ක‍්‍රමයක් හඳුන්වා දුන් බව කියන් මයිකන්ස් ගේ අදහස වන්නේ මෙය තොරතුරු පිටවීම වැලැක්වීමේ උත්සාහයක් නොවන බවයි. තවත් වාර්තා වලට අනුව මෙය කලින් සැලසුම් කර තිබුණත් ප‍්‍රධාන සේවක පැබලෝ ගේබි‍්‍රයලේ ගේ සිද්ධියෙන් පසු ක‍්‍රියාත්මක වූ බවයි.

ඔහු පාප් තුමාගේ පුද්ගලික ලේඛන සොරකම් කර ඉතාලි මාධ්‍ය වලට සැපයීමේ චෝදනාවට මාස 18ක සිර දඬුවමක් ලැබුණත් පාප්තුමා නත්තල වෙනුවෙන් ඔහු නිදහස් කරන ලදී. ගෙන ඇති තවත් ආරක්ෂක පියවරක් වන්නේ ලේඛන පිටපත් කරන අය පිලිබඳ විස්තර විශේෂ රෙජිස්ටරයක සඳහන් කර ඒවා අධ්‍යයනය කිරීම සඳහා චරපුරුෂ මර්දන විශේෂඥ මිට්ජා ලෙස්කොවාර් පත් කිරීමයි.

No comments:

Post a Comment