Pages

1/3/13

‘ගිහින් ****ගනින්’ – ඇමරිකා කතානායක

ගිය සිකුරාදා පැවති රාජ්‍ය මූල්‍ය කප්පාදුව පිලිබඳව වූ අයවැය සාකච්ඡව සඳහා වූ හමුවෙන් පසු නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලයේ කතානායක ජෝන් බෝනර් සෙනෙට් බහුතර පක්ෂ නායක හැරී රීඞ් ට ‘ගිහින්- – ගනින්‘ යයි පරුෂ වචනයෙන් බැන වැදුණි.
ධවල මන්දිර ලොබියේදී  ඇඟිල්ලක් දිගුකර මෙසේ පැවසූ බව එහි සිටි බොහෝ මූලාශ‍්‍ර උපුටා දක්වමින් පොලිටිකෝ වාර්තා කර ඇත. රීඞ් මෙයට ප‍්‍රතිචාර දැක්වූයේ ‘ඔබ මොනවාද කිවුවේ?’ යනුවෙනි. බෝනර් නැවත වරක් ‘ගිහින්- – ගනින්‘ යනුවෙන් පිලිතුරු දී තිබේ.

මෙයින් පෙනී යන්නේ ණය බර වැඩි වීම, වැය කපා හැරීම, බදු වැඩි කිරීම ආදී දේශපාලන ගැටළු තියුණු ලෙස පුද්ගලික ප‍්‍රශ්න කරාද යොමු වී ඇති බවයි. පක්ෂ දෙකේ සාමාජිකයන් දෙදෙනා අතර විරුද්ධ බවේ තරම පෙනෙන්නේ මාස 17ක් ගතවූ සම්මුතිය ගැන අවසාන දිනය වූ දෙසැම්බර් 31 වනදා පැය 12 ක කෑ මොර දීම් වලින් පසුවත් එකඟතාවයකට පැමිණීමට නොහැකි වීමෙනි.

රාජ්‍ය මූල්‍ය කප්පාදුව වලක්වා ගත්තත් වොෂිංටනය දෙදරා ගිය ආර්ථිකයත් සමඟ 2013 දීත් අවදානම් සීමාව කරා ලඟා වීමට හැකියාවක් ඇත. පෙබරවාරිය වන විට රාජ්‍ය බිල් ගෙවීම සඳහා ණය සීමාව ඩොලර් ටි‍්‍රලියන 16.4 ට වඩා ඉහල දැමීමට සිදුවනු ඇත.

රිපබ්ලිකන් පක්ෂය වැය හිලවු කිරීමෙන් තොරව ණය සීමාව ඉහල දැමීමට එකඟ නොවනු ඇති නමුත් ඩිමොක‍්‍රටික් පක්ෂය ඊට විරුද්ධ වනු ඇත. ඔබාමා රිපබ්ලිකන් පක්ෂයට අනතුරු ඇඟවූයේ රජයට වෙලාවට බිල්පත් ගෙවීමට නොහැකි වුවොත් මූල්‍ය කප්පාදුවට වඩා දරුණු ප‍්‍රථිපල දෙන ආර්ථික හානියක් සිදුවිය හැකි බවයි.

No comments:

Post a Comment