Pages

1/3/13

කොලරාඩෝවේ පුද්ගලික මරිජුවානා සංගම් ඇරඹේ

ඩිස්කෝ ලයිට් සහ පසුබිමින් ඇසෙන රෙගී සංගීතය මැද මිතුරන් හා එක් වී අළුත් අවුරුද්ද සමරමින් දුම්පානය කල හැකි නව සංගමයක් අරඹා ඇත. ඩෙන්වර් වෙලඳපොලට උතුරෙනි පිහිටි කාර්ඩා ප‍්‍රදේශයේ සඳුදා පස්වරු 4.20 ට ඇරඹුන ක්ලබ් 64 දුම් බඳුන් සංගමයට 200ක පමණ පිරිසක් පැමිණීමෙන් සංගමය නිර්මාණය කල චෝල් විලානෝ අමන්දානන්දයට පත්ව සිටී.
මෙයට පැමිණීමේ ගාස්තුව ඩොලර් 29.99ක් බව සංවිධායකයන් නිවේදනය කර පැය 24ක් යාමටත් පෙර සංගමය ආරම්භ විය. කොලරාඩෝ රජය සන්තර්පණය සඳහා මරිජුවානා භාවිතය නීතිගත කිරීමේ පනතක් සම්මත කිරීමෙන් පසු ඇරඹුනු මෙම පුද්ගලික දුම්බීමේ සංගම් ආරම්භ විය.

‘ක්ලබ් 64’ ලෙස මෙයට නම ලැබී ඇත්තේ සංශෝධනය සිහි කිරීම සඳහාය. කොලරාඩෝවේ ඩෙල් කෝටේ හිදී තවත් මරිජුවානා සංගමයක් ආරම්භ වූ අතර ඉඩම් හිමියා එය නතර කර ඇත. කොලරාඩෝවේ මරිජුවානා පනත ප‍්‍රසිද්ධ භාවිතය තහනම් කරන අතර දුම් පානය නතර කිරීමේ නීති එලිපිට දුමබීම තහනම් කර ඇත.

නමුත් ක්ලබ් 64 හි නීතිඥ රොබට් කොරී කියන්නේ පුද්ගලික දුම් බඳුන් සංගම් වලට බාධාවක් නැත්තේ මරිජුවානා විකිණීමක් තමන් සිදු නොකරන නිසා බවයි. මෙයට පැමිණෙන්නන් තම පුද්ගලික බඳුන් රැුගෙන ආ යුතුය. මෙම දුම් බඳුන් සංගමය මසකට වරක් විවිධ ස්ථාන වලදී රැස්කිරීමට හිමිකාරිනිය වන විලානෝ සැලසුම් කරයි.

ක්ලබ් 64 හි අනන්‍ය කෙටි කෑම වන ගෝල්ඞ්ෆිෂ් හා චිටෝස් වලට ආණ්ඩුකාර ජෝන් හිකන්ලූපර් ගේ අනුමැතියද ලැබී ඇත. නිවෙස් වලදී මරිජුවානා භාවිත කල නොහැකි අය වෙනුවෙන් මෙය ආරම්භ කල බව විලානෝ කියයි. තමන් මෙහිදී දුම් බඳුන් නොවිකුණන බවත් දුම්බීම වැඩිහිටියන් ගේ අයිතියක් බවත් කොරී ප‍්‍රකාශ කරයි.

No comments:

Post a Comment